කලක් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් නිව් ජර්සි හි අත්ලාන්තික් නගරයේ හෝටලයක් සහ කැසිනෝවක් බදාදා උදෑසන කඩා බිඳ දමන ලදී.හිටපු ට්‍රම්ප් ප්ලාසා හෝටලය සහ කැසිනෝව 2014 සිට වසා දමා ඇත. කලක් බෝඩ් වෝක්හි ප්‍රධාන ස්ථානයක් වූ මෙම ගොඩනැගිල්ල මෑත වසරවලදී කොතරම් අඹලන් ව ඇත්තද යත්, එහි කැබලි කඩා හැලීමටද පටන් ගත්තේය.
Trump Plaza tower comes tumbling down with a blasting Atlantic City this morning a few minutes after 9 am pic.twitter.com/x7pDz69wDn
— Carol Comegno (@CarolComegno) February 17, 2021
කැසිනෝවේ හිටපු කළමනාකරු බර්නි ඩිලන් පැවසුවේ හෝටලය ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ උණුසුම් ස්ථානයක් බවට පත්ව තිබූ බවයි.“අපි ට්‍රම්ප් ප්ලාසා අත්ලාන්තික් නගරය මුළු ලොකය වටාම කතා කරන තැනක් බවට පත්කරනු ලැබුවා. හල්ක් හෝගන්ගේ සිට මික් ජැගර් සහ කීත් රිචර්ඩ්ස් දක්වා වූ සියල්ලන්ම මෙම ස්ථනයට පැමිණ තිබෙනවා ,ඔහු පැවසීය.
මම එක රාත්‍රියක ජැක් නිකල්සන් සහ වොරන් බීටි යන දෙදෙනා සමීපව සිටිමින් පෞද්ගලික සංවාදයක පවා මෙම ස්ථනයේ නිරත වී තිබෙනවා.2009 දි මම ගොඩනැගිල්ල ට්‍රම්ප් විකුණු පසු එය හිමිකරගත්තේ කෝටිපති ආයෝජකයෙකු වන කාල් සී. ඉකාන් ඔහුද 2016 වසරේ බංකොලත් වූ පසු මෙම ගොඩනැගිල්ල භාවිතයෙන් තොර විය.