ඊයේ දිනට එමා වොට්සන් හට වයස අවුරුදු 30 ක් වූවාය. නිළිය ළමා කාලය හා බැඳුණු ආදරණීය චරිත රඟපෑමෙන් වඩාත් ප්රසිද්ධියට පත්වූ එමා වොට්සන් බොහෝ දෙනා මතකයෙ රදවාගෙන සිටින්නේ හැරිපොටර් චිත්රපටයේ සිටි බූසියක් මෙන් හිසකෙස් ඇති හර්මයිනි ග්රැන්ගර්ගේ චරිතයෙනි.
එහෙත් වොට්සන් එම චරිතයෙන් ඉදිරියට ගොස් ලොකයා වෙනුවෙන් වැඩකරනා චරිතයක් බවට පත්ව ඇත.ප්රසිද්ධ ස්ත්රීවාදිනියක වන ඇය කාන්තාවන් සහ ගැහැණු ළමයින් වෙනුවෙන් පෙනී සිටීම කෙරෙහි අවධානය යොමු කළ එක්සත් ජාතීන්ගේ සුහද තානාපතිවරියක ලෙස සේවය කරයි.

ඇගේ විලාසිතාවන්ද බොහෝ හොලිවුඩ් නිලියන්ට වඩා වෙනස් වන අතර එම විලාසිතාවන් සදහා යොදාගන්නේ ද ඇය පරිසර දූශනයයෙන් තොර සත්ව හිංසනයෙන් තොර සදාචාර්ත්මක කර්මාන්ත මත පදනම් වූ වෙලද නාම වල ඇදුම් ආයිත්තම් වේ.