තවත් හඳුනා නොගත් රෝගයක් ඉන්දියාවේ පැතිරෙන බව ප්‍රකාශවේ


0

ඉන්දියාවේ දකුණු ප්‍රාන්තයක අද්භූත රෝගයකින් රෝහල් ගත කර ඇති සිය ගණනක් රෝගීන්ගෙන් ලබාගත් රුධිර සාම්පල කිහිපයකින් නිකල් හා ඊයම් ඇති බවට ඉන්දීය සෞඛ්‍ය නිලධාරීන් සොයාගෙන ඇති බව බලධාරහු පවසති. ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ විශේෂඥ්ඥයින් විසින් කරන ලද පරීක්ෂණවලින් රෝගීන්ගේ රුධිරයේ ඇති අධික නිකල් හා ඊයම් අංශු ද්‍රව්‍යවල ප්‍රභවය සොයා ගැනීමට නොහැකි වී ඇති බව ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්ත රජය අඟහරුවාදා රාත්‍රියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

රෝගීන්ගේ රුධිරයට බැර ලෝහ ඇතුළු වූයේ කෙසේද යන්නත්, අන්ද්‍රා ප්‍රදේශ්හි 585 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇති අතර එක් අයෙකු මියගොස් ඇති අද්භූත රෝගයට හේතුව කුමක්ද යන්නත් සෞඛ්‍ය නිලධාරීන් සහ විශේෂඥ්ඥයින් තවමත් අවුල් සහගතය. මෙම රෝගය ප්‍රථම වරට සෙනසුරාදා සවස හඳුනාගනු ලැබුවේ අතින් සාදන ලද නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ නගරයක් වන එලුරූහි ය.

අසනීපයෙන් පෙළෙන පුද්ගලයින් කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව කම්පනයට පත්වීමට පටන් ගත් බව රාජ්‍ය සෞඛ්‍ය නිලධාරි ගීතා ප්‍රසාදිනි පැවසුවාය.ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමති වයි. එස්. රෙඩ්ඩි පැවසුවේ අසනීපයෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් 502 දෙනෙකු ගේ තත්වය යහපත් බව දැනගැනිමෙන් පසුව නිවෙස් බලා යවා ඇති බවයි. රෝගීන් ඔක්කාරය හා කාංසාව සිට සිහිය නැතිවීම දක්වා රෝග ලක්ෂණ පෙන්නුම් කළහ.

ප්‍රවීණයන් ව්‍යාකූල කරවන කාරණය නම්, අසනීප වී ඇති සිය ගණනක් දෙනා අතර පොදු සම්බන්ධයක් නොමැති බව ය. සියළුම රෝගීන් කොරොන වයිරස් සහ ඩෙංගු, චිකුන්ගුන්යා සහ හර්පීස් වැනි වෛරස් රෝග සඳහා ස්ෘණාත්මක ලෙස පරීක්ෂා කර ඇති අතර. රෝගීන් එකිනෙකාට සම්බන්ධ නැති අතර සියල්ලෝම එකම ප්‍රදේශයක ජීවත් නොවෙති. ඔවුන් ළමුන් 70 ක් පමණ ඇතුළුව විවිධ වයස් කාණ්ඩවල අය වන නමුත් වැඩිහිටියන් වන්නේ ඉතා සුළු පිරිසකි.

මුලදී, අපිරිසිදු ජලය සැක සහිත විය. එහෙත් මහ නගර සභා ජල සැපයුම භාවිතා නොකරන පුද්ගලයින් ද රෝගාතුර වී ඇති බවත්, ජල සාම්පල පිළිබඳ මූලික පරීක්ෂණ මගින් කිසිදු හානිකර රසායනික ද්‍රව්‍යයක් අනාවරණය නොවූ බවත් මහ ඇමති කාර්යාලය තහවුරු කළේය. කිරීටක වෛරසයට ගොදුරු වූවන් අතර ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයද සිටින අතර 800,000 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. ඉන්දියාවේ සෙසු රටවල් මෙන් ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය ද වෛරසයෙන් පීඩා විඳිති.





Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk