මෙතෙක් දිනක වර්ථාවූ රොගින්ගෙන් වැඩිම කොරෝනා රෝගින් සංක්‍යව වාර්තාවෙයි -සමස්ථ රෝගින් 2454 දක්වා ඉහලට


0

රටේ කොරෝනා ආසාදන සංඛ්‍යාව 2454 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ කොරෝනා පෙරදින ආසාදිත පුද්ගලයින් 300 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ ය.

රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට අනුව කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 283 දෙනෙකු හඳුනාගෙන ඇති අතර නව දෙනෙකු ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා.

තවද ආසාදිතයින් තිදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ එක් අයෙකු පාකිස්තානයෙන්. ද පැමින තිබෙනවා.වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ද ඊයේ කොරෝනා රෝගයට ගොදුරු විය.

වැඩිම රෝගින් ප්‍රමානයක් කන්දකඩුව මධ්‍යැස්ථනඑන් සොයාගෙන ඇත

මේවන විට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 463 කි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූ මුළු සංඛ්‍යාව 1980 ක් බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ කන්දකඩු වැසියන්ගෙන් බහුතරයක් ආසාදනය වී ඇති බවට විශ්වාස කරන බවයි.

පුනරුත්ථාපනය කර ආපසු නිවසට පැමිණි පුද්ගලයින් නැවත කැඳවීම පිළිබඳව ජනතාව අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු බව ඔහු පැවසීය.වර්තමාන තත්ත්වය යටතේ ප්‍රදේශය හුදකලා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු පැවසීය.නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහාන මහතා පැවසුවේ කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මහජන සහාය ලබා ගන්නා බවයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk