දිනක වැඩිම කොරෝනා රෝගින් සංක්‍යාව වාර්තාකරමින් රෝගින් 96 ක් හමුවෙයි


0

කොවිඩ් 19 රෝගීන් 96 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මුළු ආසාදිත රෝගීන් 1278 ක් දක්වා ඉහළ ගොස් ඇත.රෝගීන් 88 දෙනෙකු කුවේටයෙන් ආපසු පැමිණි අය වන අතර තවත් 8 දෙනෙකු නාවික හමුදා සේවයේ නියුක්ත වූවන් වෙයි.

සුව වූ රෝගීන් 17 දෙනෙකු නැවත රෝහල්වලින් මුදා හැර ඇති අතර ශ්‍රී ලංකාවේ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 712 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කටාර් රාජ්‍යයේ අතරමංව සිටින ශ්‍රී ලංකන් 273 දෙනෙකු ආපසු ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් යූඑල් 217 විශේෂ ගුවන් යානයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මිනේරියා හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ දී හදුනා ගත්ත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට හඳුනාගත් 24 දෙනෙකු රැගත් ගිලන්රථ කිහිපයක් අද (26) හෝමගම හමුදා කඳවුර ඉදිරිපිටදී අනතුරට ලක්ව තිබේ.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති බව පොලීසිය පවසයි. 1990 සුව සැරිය ගිලන්රථ 4 ක් සහ රජයේ රෝහල්වල ගිලන්රථ තුනක් හෝමගම මූලික රෝහලට ගෙන යන විට එක් ගිලන් රථයක් අපදාවට පත්වී ඇති අතර ඉන් පසු ගිලන්රථ එකිනෙක ගැටී ඇති බව පොලිසිය පවසයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk