පෙර දින දිවයින පුරා විදුලිය බිඳ වැටිම සමග අද දින සිට දිනකට පැය 01 ක විදුලි කප්පාදුව අද සිට දින 04 දක්වා ක්රියාත්මක වන බව පැවසෙනවා. කෙරවලපිටිය උප ග්රේඩ්පොලෙහි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ දිනයේදී පැය කිහිපයක් තිස්සේ විදුලිය ඇණහිටීමක් වාර්තා විය.තාක්ෂණික දෝෂය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සපයන නොරොචොලායි බලාගාරය අක්රිය වී ඇත.
මෙගාවොට් 900 ක නොරොචෝලායි බලාගාරය තවමත් විදුලිබල පද්ධතියෙන් බැහැරව පවතින බව පැවසෙන අතර මේ හේතුව නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.