දුර්ලභ කළු දිවියාගේ අවසන් මොහොතේ දර්ශන


0

නල්ලතන්නියා හි උගුලකින් බේරාගත් දුර්ලභ කළු දිවියා අද උදවලාව වනජීවී රෝහලේදී මිය ගියේය.

නල්ලත්තන්නියා ශ්‍රී පාද වන රක්ෂිතයේ උගුලක සිරවී සිටි දිවියා වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් 26 වන දින බේරා ගෙන රැගෙන ගියේ රන්දෙනිගල සහ උඩවලවේ පශු වෛද්‍ය රෝහල් වලින් එම ස්ථානයට පැමිණි පශු වෛද්‍යවරුන්ගේ සහාය ඇතිව ය.

මෑතක් වන තුරු වඳ වී ගියේ යැයි විශ්වාස කෙරෙන දුර්ලභ කළු  දිවියා ලොව පුරා හමුවන දිවියන් විශේෂ 8 න් එකක් වනවා.

විද්‍යාත්මකව පැන්තෙරා පර්ඩස් කොටියා ලෙස හැඳින්වෙන අතර ශ්‍රී ලාංකික දිවියන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවට වර්ගීකරණය කර ඇත. ජානමය විෂමතාවයක් හේතුවෙන් කළු දිවියන්ට ඔවුන්ගේ කළු ලොම් ලැබී ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk