පසුගිය සතිය තුළ ඇමරිකාවේ කොවිඩ් -19 රෝගීන්ගෙන් ප්‍රාන්ත 24 ක් අවම වශයෙන් 10% කින් ඉහළ ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි. මේ අතර සෞඛ්‍ය විශේෂඥ්ඥයන් සහ ෆෙඩරල් රජය වැඩි පිරිසකට එන්නත් ලබා දෙන ලෙස බලපෑම් කරමින් සිටී. කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා පීඩනය ඉහළ ගොස් ඇත.
ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් එම ප්‍රභේදය සෙනසුරාදා අවසන් වූ සති දෙක තුළ රට තුළ සිදු වූ සියලුම නව කොවිඩ් -19 ආසාදනවලින් 51.7% ක් වන බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ගණන් බලා තිබේ.ඩෙල්ටා ප්‍රබේදය එය දෙගුණයක් බෝවන රෝගයකි. වාසනාවකට මෙන්, 2020 මෙන් නොව, ඇත්ත වශයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය නවත්වන මෙවලමක් අප සතුව ඇත. ඒ එන්නත් කරනයයි. ජෝ බිඩෙන්ගේ කෝවිඩ් ප්‍රතිචාර කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ඇන්ඩි ස්ලාවිට් පැවසීය.
සම්පුර්ණයෙන්ම එන්නත ලබා ගත් පුද්ගලයින් සඳහා,මෙම ප්‍රභේදය “ඔබට ඉතා සුළු තර්ජනයක් ඉදිරිපත් කරයි, ඔබ දරුනු ලෙස අසනීප වීමට ඉඩක් නැත” යනුවෙන් ඔහු පැවසීය. එක්සත් ජනපදයේ ආහාර හා ඔෂධ පරිපාලනයේ එන්නත් සඳහා පූර්ණ අනුමැතිය ලබා ගැනීමෙන් වැඩි පිරිසකට එන්නත් ලබා ගැනීමට දිරිගැන්විය හැකි බව ස්ලාවිට් සහ අනෙකුත් විශේෂඥ්ඥයෝ පවසති. එක්සත් ජනපදයේ දැනට බෙදා හරින එන්නත් සඳහා අවසර දී ඇත්තේ හදිසි භාවිතය සඳහා පමණි. ෆයිසර් එන්නත සඳහා පූර්ණ අනුමැතිය මේ මස මුලදී ලැබිය හැකි බව ස්ලාවිට් අඟහරුවාදා පැවසීය.