මයික්‍රොසොෆ්ට් සමාගම බදාදා පැවසුවේ “වින්ඩෝස් හි ඊළඟ පරම්පරාව” ජුනි 24 වනදා එළිදක්වන බව ප්‍රකාශවී තිබෙනවා. ප්‍රධාන විධායක නිලධාරී සත්‍ය නාඩෙලා විසින් සංවර්ධකයින්ට මෙන්ම නිර්මාණකරුවන්ටද පරිගණක මෙහෙයුම් පද්ධතියේ විශාල දියුණුවක් දැකගත හැකි බව සතියකට පෙර පැවසීය. පුද්ගලික පරිගණක සඳහා ප්‍රමුඛතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස්, ලෝකයේ වටිනාම සමාගමක් වන මයික්‍රොසොෆ්ට් හි මුළු ආදායමෙන් 14% ක ප්‍රභවයකි. සමාගම ප්‍රථම වරට 2015 දී වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියට යාවත්කාලීන කිරීම් දෙකක් ලබාදි තිබේ තිබේ.
Join us June 24th at 11 am ET for the #MicrosoftEvent to see what’s next. https://t.co/kSQYIDZSyi pic.twitter.com/Emb5GPHOf0
— Windows (@Windows) June 2, 2021
මීට පෙර සංවර්ධයන කරමින් පැමිනි වින්ඩෝස් 10X මේහෙයුම් පද්ධතිය ජනතාව වෙත ලබා නොදෙන බව සමාගම නිවේදනය කිරීමෙන් ටික කලකට පසු නැඩෙල්ලා විසින් නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ගැන ප්‍රකාශය කළේය.මයික්‍රොසොෆ්ට් මීට පෙර වින්ඩෝස් 10 යාවත්කාලීනය පසුගිය මාසයේ නිවේදනය කළ අතර එහි සුළු වෙනස්කම් පමණක් තිබුනේය. මේ වන විට වින්ඩෝස් නව ලකුනක්ද මේ සමගම හදුන්වා දී ඇති අතර මෙම නව මෙහෙයුම් පද්ධතිය බොහෝකලක් පරිශිලකයන් බලාපොරොත්තු වූ නව අංග සහිතව ලබාදෙන බව පැවසේ