එක්සත් ජනපදයේ න්‍යෂ්ටික හැකියාවෙන් යුත් බී -52 ගුවන් යානා මැද පෙරදිගට පියාසර කල ඇති අතර “කලාපීය ආරක්ෂාව සඳහා එක්සත් ජනපද මිලිටරිය දක්වන කැපවීම අවධාරනය කිරීමට සහ කෙටි දැනුම්දීමකින් අති විශාල සටන් බලය වේගයෙන් යෙදවීමේ සුවිශේෂී හැකියාව පෙන්නුම් කිරීමට ය”එම කලාපය බලා ගමන් ගත් බව මිලිටරි මෙහෙයුම් අධීක්ෂණය කරන එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරි පැවසීය.
මෙම සිදුවීම සිදුවන්නේ ඉරානයේ දෙවනියාට බලවත් පුද්ගලයාවන ජෙනරාල් කසෙම් සොලෙයිමනී ඝාතනය කළ ඩ්‍රෝන් ප්‍රහාරයේ වසරක සංවත්සරය සැමරීමට දින කිහිපයක් තිබියදිය.”ඕනෑම විභව සතුරෙකු වළක්වා ගැනීම සඳහා එක්සත් ජනපදය දිගින් දිගටම සටන් කිරීමට සූදානම් හැකියාවන් එක්සත් ජනපද මධ්‍යම අණදෙන ප්‍රදේශයට යොදවා ඇති අතර ඇමරිකානුවන් හෝ අපගේ අභිලාෂයන් වෙත එල්ල වන ඕනෑම ආක්‍රමණයකට ප්‍රතිචාර දැක්වීමට අප සූදානම් සහ හැකියාව ඇති බව පැහැදිලි කරමු” ජෙනරාල් ෆ්රෑන්ක් මැකෙන්සි එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.