න්‍යෂ්ටික හැකියාව සහිත ගුවන් දියත් කළ බැලිස්ටික් මිසයිලය බරන්ට්ස් මුහුද හරහා රුසියාව අත්හදා බලයි


0

Kh-47M2 Kinzhal (නේටෝ නාමය SA-N-9 Gauntlet) යනු රුසියාවේ සංවර්ධනය වෙමින් පවතින නව උපායමාර්ගික න්‍යෂ්ටික අවි හයෙන් එකකි. ඒවායින් කිහිපයක් 2018 වසරේ ෆෙඩරල් සභාව අමතමින් ව්ලැඩිමීර් පුටින් විසින් නිවේදනය කරන ලදී .

දැනටම නව මිසයිලය අත්හදා බලා ඇති රුසියාව විසින් සංවර්ධනය කරනු ලබන තවත් නව උපාය මාර්ගික ආයුධ කිහිපයක, පරීක්ෂණය සිදු වූයේ රුසියාවේ රටේ වයඹ දෙසින් පිහිටි හමුදා කඳවරු භුමියකිනි

මෙම පරීක්ෂණය නොවැම්බර් මැද භාගයේදී සිදු විය.මෙහිදි මිසයිලය දියත් කළේ පෙම්බෝයි පුහුණු භූමියට ඉහලින් ගමන්ගත් මිග් -31 කේ ගුවන් යානයකිනි .

ඔලෙනෙගෝර්ස්ක් ගුවන් කඳවුර මර්මන්ස්ක් සිට දකුනු දෙසට පැයක් පමණ දුරින් පිහිටා ඇති අතර වෝර්කූටා සිට කිලෝමීටර 60 ක් දුරින් කෝමි ජනරජයේ යූරල් කඳුකරයට බටහිර දෙසින් පිහිටා ඇත. මිසයිලය දියත් කර ඇත්තේ යානය බාරන්ට්ස් මුහුදට ඉහළින් තිබියදී ය.

කිංෂාල් මිසයිලය යනු ගොඩබිම පදනම් කරගත් කෙටි දුර බැලස්ටික් මිසයිලයක් මෙන්ම ගුවනේ සිට පහර දිය හැකි වර්ගයේ මිසයිලයකි. එවැනි මිසයිලයක් ගුවන් යානයක තැබීමෙන් එය වඩාත් භයානක උපායමාර්ගික අවියක් ලබා දෙයි.

මෙම මිසයිල තම සතුරා අනපේක්ෂිත ස්ථාන වලින් සිට දියත් කළ හැකි අතර ගුවන් යානය ගොඩබිම පදනම් කරගත් වාහනයකට වඩා වේගයෙන් ගමන් කරන බැවිනි ස්ථානය වඩා ඉක්මනින් වෙනස් වෙයි. දෙවනුව, මිසයිලය දියත් කිරීමට පෙර ගුවන් යානයක් අමතර පරාසයක් එක් කරයි.මම නිසා මෙම මිසයිල වලට අමතර වේගයක් ඇත.

ගුවන් යානයකින් දියත් කරන ලද සාමාන්‍ය කෘස් මිසයිල මෙන් නොව කිංෂාල් බැලිස්ටික් ය. සිලෝස් හෝ සබ්මැරීන වලින් දියත් කරන ලද වෙනත් බැලස්ටික් මිසයිල මෙන්, අභ්‍යවකාශය හරහා හයිපර්සොනික් වේගයෙන් ගමන් කරයි

නොවැම්බර් මැද භාගයේ අත්හදා බැලූ මිසයිලය මැක්ස් 10 ක වේගයට ළඟා වූ බව පැවසෙනවා.කිංෂාල්ට හට සාම්ප්‍රදායික හා න්‍යෂ්ටික යුධ හිස් රැගෙන යා හැකිය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk