බටහිර යුරෝපයේ සමහර ප්‍රදේශවල ඇති වූ මහා ගංවතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව සෙනසුරාදා උදෑසන 157 ක් දක්වා ඉහළ ගොස් තිබේ. බටහිර ප්‍රාන්ත වන උතුරු-රයින් වෙස්ට්ෆේලියා, රයින්ලන්ඩ්-පලටීන් සහ සාර්ලන්ඩ් හරහා ගංවතුරට හසුවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 133 ක් ජර්මනියේ මිය ගියහ. බෙල්ජියමේ 24 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, එම සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි.
Many Pakistanis know from own experience what it means to be affected by natural disasters/devastating weather conditions. I am all the more moved by the outpouring of solidarity amidst terrible floods in Germany and neighboring Belgium and the Netherlands. Thank you, friends! 🙏 pic.twitter.com/W4BVJIKv1w
— Bernhard Schlagheck (@GermanyinPAK) July 17, 2021
අධික වර්ෂාපතනයෙන් ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය ද පීඩාවට පත්ව ඇති නමුත් කිසිදු මාරාන්තික අනතුරක් වාර්තා වී නොමැත.ප්‍රදේශවාසීන් විස්තර කළේ ජලය ඉහළ යන විට ඇති වූ අවුල්සහගත තත්ත්වය නිසා එම ප්‍රදේශයෙන් පැන යාමට නොහැකි වීම සහ මිනිසුන් තම නිවෙස්වලට කොටු වූ බවයි.
Germany floods: Roads are flooded or broken apart. The army, emergency responders, and volunteers from nearby towns help clean up streets in affected areas. Residents and officials share their shock at the ferocity of the disaster.
— DW News (@dwnews) July 17, 2021
Video report —https://t.co/CcMQ54XbOT pic.twitter.com/Q1iKw5Y0pl
ජර්මානු හමුදාව ආපදා සහන සඳහා සොල්දාදුවන් 850 ක් යොදවා ඇති අතර ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් සෙනසුරාදා උතුරු රයින්-වෙස්ට්ෆේලියා ප්‍රාන්තයේ රයින්-අර්ෆ්ට් දිස්ත්‍රික්කය නැරඹීමට නියමිත බව ඔහුගේ කාර්යාලය පවසයි.උතුරු රයින්-වෙස්ට්ෆේලියා හි රූර් ගඟ දිගේ වේල්ලක් සිකුරාදා රාත්‍රියේ කැඩී ගිය බව ප්‍රාදේශීය රජය පවසයි. වසන්බර්ග් නගරයේ ඔෆොවන් අසල්වැසි ප්‍රදේශයේ පදිංචිකරුවන් 700 ක් පමණ ඉවත් කිරීම නිලධාරීන් විසින් ආරම්භ කර තිබේ.