නොසිතූ ලෙස සෞර්ග්‍රහාමණ්ඩලයට ආ නියෝවිස් වල්ගාතරුව අතුරුදහන් විමට ආසන්න වෙයි


0

විද්‍යාඥ්ඥයන් විශ්මයට පත් කර සති ගණනාවක් පුරා ලොව පුරා අහස නිරීක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමෙන් පසු නියොවිස් වල්ගා තරුව අඳුරු වීමට පටන් ගෙන තිබේ.

නියොවිස් වල්ගාතරුව සොයා ගනු ලැබුවේ 2020 ජූනිමාසයේය

මේ වන විටත් තාරකා විද්‍යාඥ්ඥයන් රාත්‍රී අහසේ පෙනේනා නියෝවිස් වල්ගාතර්වේ දීප්තියේ අඩුවීමක් සටහන් කර ඇති අතර මේ නිසා වල්ගා තරුව සොයා ගැනීමට වඩා දුෂ්කර බව වාර්තා කරති.

වල්ගා තරුව බදාදා පෘථිවියට කිට්ටුම ගමනක් ගොස් දැන් සෞරග්‍රහ මණ්ඩලයේ පිටත ප්‍රදේශ කරා ගමන් ආරම්භ කර ඇති බැවින් සමහර ග්‍රාමීය ප්‍රදේශවලට එය තවමත් කැපී පෙනෙන ලෙස දර්ශනය වේ.

මෙය දැකගැනීමේ වාසනාව හිමිවූයේ උතුරු අර්ධාගෝලයේ ජනතාවටයි

ජූලි මස මුලදී නියොවිස් ලෝකය පුදුමයට පත් කළේය. වල්ගා තරුව ප්‍රථම වරට සොයා ගනු ලැබුවේ නාසා හි පෘථිවියට ආසන්න වස්තුවක් පුළුල් ක්ෂේත්‍රයේ අධෝරක්ත සමීක්ෂණ ගවේෂකය විසිනි . වල්ගා තරුව “නියෝවිස්” යන නම උපයා ගත්තේ එලෙසිනි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk