පැනගිය කොරෝනා රොගියා ඇල්ලු ජාතික රෝහලේ සේවකයන් දෙදෙනෙක් බව ප්‍රකාශාවේ


0

මුල්ලෙරියාව අයි.ඩී.එච්. රොහලෙන් අද උදෑසන පැන ගිය කොරෝනා රෝගියා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිට යුද හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා අයි.ඩී.එච්. ඔහුව නැවත රෝහලට ගෙන යාමට අවශ්‍ය පියවර ගෙන තිබේ බවයි.

ඔහු හදුනා ගැනීමට කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහාය විය.කොරෝනා ආසාදිත පුද්ගලයා අයි.ඩී.එච්. රෝහලෙන් පලා ගිය පසු ඔහු සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පැතුවේය.

රෝහල් ආරංචි මාර්ග වලට අනුව රෝහල් කාර්ය මණ්ඩලය සැකකරු යුද හමුදාවට භාර දීමට පියවර ගත් අතර ඔහු කොළඹ ජාතික රෝහලට පැමිණ ඇතැයි කියනු ලබන ත්‍රිරෝද රථයේ රියදුරු කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk