කණ්ඩකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි හමුදා නිලධාරියෙක් හට කොරෝනා වැලදුන බව තහවූරුවිම සමග ඔහු ගමන් කල පිලියන්දල ප්‍රදේශයේ ඔහුගේ සමිපතයන් හා සංචරණයට ලක් වූවන් 113 දෙනෙකු ගේ පීසීආර් පරීක්ෂණ සිදු කළ බව පිලියන්දල වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු 4 සහ 5 යන දිනවල පිලියන්දල පිහිටි සිය මවගේ දැල්තර ප්‍රදේශයට පැමිණ එහි රාජ්‍ය බැංකුවකට, ගරාජයකට, ව්‍යාපාරික ස්ථාන තුනකට සහ පිලියන්දල නිවාස හතරකට ගොස් තිබේ.
ඒ අනුව එම ස්ථානවල සේවය කරන පුද්ගලයින් 39 දෙනෙකු ස්වයං නිරෝධායනය කර ඇති බව වෛද්‍ය ඉන්දිකා එලවල මහතා පැවසීය.
එම ස්ථානවල සමීපතයන් වූ පුද්ගලයින් 113 දෙනෙකු පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී සහ අද දැල්තර ප්‍රාථමික විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පරීක්ෂා කළ බව පැවසේ.