පුරාණ ග්‍රීකයන් විසින් භෞතික පරිපූර්ණත්වය මැනීම සඳහා සංවර්ධනය කරන ලද පද්ධතියකින් ඉහලම ලකුණු එමා වොට්සන් සහ මේගන් මාකල් ලබාගෙන ඇත. කීර්තිමත් ළමා රෝග විශේෂඥ්ඥ වෛද්‍ය මේරියන් සහ පාද සෞඛ්‍ය වෛද්‍ය වෛද්‍ය කෙනී පැවසුවේ නූතන කීර්තිමත් පුද්ගලයින් සඳහා පාද ශ්‍රේණිගත කිරීම් සහ ලකුණු ලබා ගැනීම සඳහා ගෝල්ඩන් අනුපාත මිනුම් භාවිතා කිරීමට ඔවුන්ට හැකි වූ බවයි.
— Emma Watson (@EmmaWatson) December 21, 2018
මේරියන් මෙසේ පැවසීය. “පුරාණ ග්‍රීසියේ ග්‍රීකයන් විසින් ශරීරයේ නිශ්චිත ලක්ෂණවල අනුපාත සහ සමමිතිය මැනීමෙන් පුද්ගලයෙකුගේ භෞතික පරිපූර්ණත්වය තීරණය කිරීම සඳහා ගණිතමය සූත්‍රයක් සකස් කරන ලදී.සෑම කාන්තාවකටම ලස්සන පාද ඇති අතර, අපට වඩාත් සුන්දර වන්නේ කාගේ පාදදැයි ලකුණු කිරීමට ස්වර්ණමය අනුපාත මිනුම් භාවිතා කළ හැකිය.මෙම ගණිත අනුපාතය නිර්මාණය වී ඇත්තේ ෆයි ලෙස හැඳින්වෙන (1 / 1.618) අනුපාතය මතයි.
රාජකීය සුපුපිනියක්වන මේගන් මාක්ල්ට සූත්‍රය භාවිතා කරමින් ඉහළම රන් අනුපාත ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන ලදී.ආචාර්ය කෙනී පැවසුවේ 39 හැවිරිදි හිටපු නිළියට ලස්සන “රාජකීය පාද” ඇති බවයි.ඇය මෙම සූත්‍රය අනුව සියට 95% ප්‍රතිශතයක් ලබාගෙන ඇත.ඇයගේ පාදයේ මැද ගෝල්ඩන් අනුපාතය මත 97% ක් ලබා ගත් අතර එය කීර්තිමත් පුද්ගලයින් 8 දෙනාට සාපේක්ෂව ඉහළම අගයයි.“කෙනෙකුට කියන්න පුළුවන් ඇයට රාජකීය පාද තියෙනවා කියලා!”ඇය තවදුරටත් පැවසීය.සුන්දර පාද සඳහා දෙවන ස්ථානය එමා වොට්සන්ට හිමිවන බව ආචාර්ය කෙනී පවසයි .30 හැවිරිදි ජනප්‍රිය හැරී පොටර් තාරකාව පුරාණ සූත්‍රය අනුව සියට 91 ක ලකුනු ප්‍රමාණයක් ලබාගෙන ඇත.මේ සූත්‍රය අනුව කිම්ගේ කාඩිශන් හට තුන්වන ස්ථනය හිමිවී ඇති බව සදහන් වේයි.