මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් අහඹු සිදුවීම් නොවන අතර කෙසේ හෝ මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ වන බව – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරාචි මහත්මිය පවසයි.16 වන දින කොරෝනා රෝගීන් දෙදෙනෙකු සොයා ගැනීමෙන් පසු රම්බුක්කන ප්‍රදේශයේ ගම්මාන 6 ක් වසා දමා තිබුණි.
එලෙසම කොළඹ මහ නගර සභාවේදී PCR පරීක්ෂණ 100 කට අධික ප්‍රමාණයක් සිදු කරන ලදී. කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිගේ වර්තවද ස්ෘණාත්මක බව පැවසෙනවා.කොරෝනා ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 8,589 ක් ඊයේ (16) සිදු කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. මේ වන විට PCR පරීක්ෂණ 374, 448 ක් දිවයින පුරා සිදු කර ඇත.එලෙසම පෙර දින (16) නව කොරෝනා රෝගින් 110 ක් සොයාගත් බව පැවසෙනවා.