පොලිස් කොට්ඨාශ 17 කට පොලිස් ඇදිරිනීතිය පෙරවරුවේ සිට පනවා ඇති බව ප්‍රකාශවේ


0

කොවිඩ් වෛරසය පැතිරීම පාලනය කිරීමට ගම්පහා දිස්ත්‍රික්කයට අයත්
පොලිස් කොට්ඨාස 14ක් ඇතුළු පොලිස් කොට්ඨාස 17කට ඇඳිරි නීතිය පනවා ඇති බව පැවසෙනවා.ඒ අනුව, ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, විරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් බල ප්‍රදේශ 14ටද,

කැලණිය පොලිස් කොට්ඨාසයේ ජාඇළ සහ කඳාන යන පොලිස් බල ප්‍රදේශවලටද, දිවුලපිටියටද අද(07) පෙරවරුවේ සිට ඇඳිරි නීතිය පනවා තිබේ.මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයන් 124 කට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව පැවසෙනවා ඒ සමග වයිරසය ආසාදනය වූ ඇඟලුම් කම්හලේ සේවක සංඛ්‍යාව 832 ක් දක්වා ඉහළ යනු ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk