බ්‍රහස්පතිගේ විස්මිත නව රූපයක් තාරකා විද්‍යාඥ්ඥයින් විසින් ලබාගෙන තිබෙනවා.වායු යෝධයෙකු වන බ්‍රහස්පතිගේ වලාකුළු මුදුනට යටින් සැඟවී ඇති උණුසුමෙහි දීප්තිමත් කලාප මෙහි සොයාගෙන තිබෙනවා.
මෙම පින්තූරය හවායි හි පිහිටි දුරේක්ෂයක් විසින් ග්‍රහණය කර ගන්නා ලද අතර එය පෘථිවියේ සිට මෙතෙක් සිදු කරන ලද තියුණු නිරීක්ෂණවලින් එකකි.
විභේදනය සාක්ෂාත් කර ගැනීම සඳහා විද්‍යාඥ්ඥයින් “වාසනාවන්ත නිරූපණය” නමින් තාක්ෂණයක් භාවිතා කළ අතර එමඟින් පෘථිවියේ කැලඹිලි සහිත වායුගෝලය මගින් ඇතිකරන නොපැහැදිලි බලපෑම ඉවත් කරයි.
මෙම ක්‍රමයට නිරික්ශක වස්තුවේ බහුවිධ නිරාවරණ ලබා ගැනීමත්, එම කැළඹීම් අවම මට්ටමක පවතින රූපයක කොටස් පමණක් තබා ගැනීමත් ඇතුළත් වේ.

අධෝරක්ත කිරණ යනු හබල් දුරේක්ෂය වීසින් බොහෝවිට යොදාගන්නා අපට හුරුපුරුදු දෘශ්‍ය ආලෝකයට වඩා දිගු තරංග ආයාමයකි. බ්‍රහස්පතිගේ වායුගෝලයේ මුදුනේ ඇති සිනිඳු හා සිහින් වලාකුළු පසුකර බැලීමට, විද්‍යාඥ්ඥයින්ට ග්‍රහලෝකයේ අභ්‍යන්තර ක්‍රියාකාරකම් පිළිබඳව ගැඹුරින් සොයා බැලීමට
අධෝරක්ත කිරණ අවස්ථාව ලබා දෙයි.
පර්යේෂකයන්ට අවශ්‍ය වී ඇත්තේ වායු යෝධයාගේ කාලගුණ පද්ධති සහ විශේෂයෙන් දශක ගණනාවක් සහ සියවස් ගණනාවක් පුරා ඇතිවිය හැකි මහා කුණාටු ඇති කරන්නේ කෙසේද සහ පවත්වා ගෙන යන්නේ කුමක් මගින්ද යන්න වඩා හොඳින් තේරුම් ගැනීමට ය.