බ්‍රිතාන්‍ය අගමැතිගේ රෝග ලක්ෂන නරක අතට: දැඩිසත්කාර ඒකකයය්ට ඇතුලත් කරයි


0

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳුදා දැඩි සත්කාර ඒකකයකට මාරු කරනු ලැබුවේ කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඔහුගේ නරක අතට හැරී ඇති නිසා බව ඔහුගේ කාර්යාලය පවසයි.

නායකයාගේ සෞඛ්‍යයේ පැහැදිලි වෙනස සමස්ථ බ්‍රිතාන්‍ය ජාතියම කම්පනයට පත් කර ඇති අතර, ඔහුගේ පක්ෂයේ දේශපාලනඥ්ඥයන් සහ විපක්ෂය නායකයන් මෙම බැරුම් අවස්ථාවේ සහයෝගය දක්වන බව පවසා ඇත.

“අද දහවල් කාලය තුළ අග්‍රාමාත්‍යවරයාගේ තත්වය නරක අතට හැරී ඇති අතර ඔහුගේ වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් පරිදි ඔහුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙන ගොස් තිබේ” යැයි ඩව්නිං වීදියේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඩව්නිං වීදියේ නිලධාරීන්ට අනුව, ජොන්සන් සිහියෙන් සිටින අතර ඔහුට වාතාශ්‍රය අවශ්‍ය වුවහොත් පූර්වාරක්ෂාවක් ලෙස දැඩි සත්කාර ඒකකයට ගෙන ගොස් ඇත.

ඩවුන්ං වීදිය ඔහුගේ ස්වයං හුදකලා කාලය තුළ ජොන්සන්ගේ රෝග ලක්ෂණ “මෘදු රෝග ලක්ශණ” බව පවසා ඇති නමුත් මේ වන විට ඔහුට දැඩි රෝග ලක්ශන මතුවීමට පටන් ගෙන ඇත.

පළමු රාජ්‍ය ලේකම් හා ජ්‍යෙෂ්ඨ තම කැබිනට් අමාත්‍යවරයා වන විදේශ ලේකම් ඩොමිනික් රාබ් කියා සිටියේ අවශ්‍ය අවස්ථාවන්හිදී නායකයා වෙනුවෙන් පෙනී සිටින ලෙස ජොන්සන් තමාගෙන් ඉල්ලා ඇති බවයි.

රාබ් සඳුදා නිතිපතා උදෑසන පැවැත්වෙන කොරෝනා වෛරස් සාකච්ඡාවේ මුලසුන දැරූ අතර රූපවාහිනී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වෛරස් පැතිරීයාමට යෑමට ප්‍රතිචාර දැක්වීමේදී රජය ජොන්සන්ගේ මඟ පෙන්වීම ඉදිරියට ගෙන යන බවයි.

එක්සත් රාජධානියේ මියගිය සංඛ්‍යාව 5,000 ට වඩා වැඩිය. රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින්ට වෛරසය රැගෙන යා හැකි බවට පැතිර යන බවට සාක්ෂි වර්ධනය වන හෙයින් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට රජය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk