මහා විනාශයක් ගෙනයමින් ඇමරිකාවේ කෙන්ටකි හරහා ගමන් ගත් දැවැන්ත ටොනේඩෝවේ භායානක විඩියෝවක් ප්‍රකාශට පත්වේ


1

සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද අද්භූත වීඩියෝවක් රාත්‍රියේදී කෙන්ටකි හි කොටසක් හරහා ගමන් කරන විට දුරින් දැවැන්ත ටොනේඩෝවක් පෙන්නුම් කරයි. Kentucky හි පැමිනි මෙම ටොනාඩොවේ තත්පර 35 දර්ශන ට්විටර් වෙත පළ කළේය. එය ත්‍රාසජනක චිත්‍රපටයක කොටසක් ලෙස පෙනෙන අතර අකුණු මඟින් අඳුරු අහස ආලෝකමත් වන දැවන්ත ටොනොආඩෝව පෙනන ආකාටය එම විඩියෝවේ අන්තර්ගතව ඇත.

මෙම විඩියෝව ලබාගන්න ලද එඩී නයිට් පැවසුවේ මම විඩියෝවේ දැක්වෙන්නේ සැතපුම් 200 දුර ගමන් ගන්නා ලදයි පැවසෙන කුණාටුව යැයි මා විශ්වාස කරන වීඩියෝව බවයි. “මෙය මගේ පියාගේ නිවසේ ඉදිරිපස ආලින්දයේ සිට ලබාගන්නා ලද දර්ශනයක්” බව ඔහු තව දුරටත් ප්‍රකාශ කලේය. මෙය මේෆීල්ඩ්හි කර්මාන්ත ශාලාවට වඩා විශාලයි,” ඔහු FOX 35 News වෙත පැවසීය . Kentucky හි ආණ්ඩුකාරවරයා පවසන්නේ විනාශකාරී සුළි කුණාටුවක් සැතපුම් 227 ක් – ඔහුගේ ප්‍රාන්තයේ 200 කට වා වඩි ප්‍රමානයකට විපත් ගෙන දෙමින් ගමන්ගෙන ඇති බවයි.

ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් සෙනසුරාදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ කෙන්ටකි හි අවම වශයෙන් පුද්ගලයින් 70 දෙනෙකු මිය යනු ඇතැයි බිය වන අතර මියගිය සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බවයි. “මෙය කෙන්ටකි හරහා මෙතෙක් ගමන් ගත් මාරාන්තික ටොනේඩෝ පද්ධතිය වනු ඇතැයි මම විශ්වාස කරමි,” බෙෂියර් පැවසීය. ටොනේඩෝවකට ගොදුරු වූ මේෆීල්ඩ් ඉටිපන්දම් කම්හලක පුද්ගලයන් 110ක් පමණ සිටි බව බෙෂියර් පැවසීය. ප්‍රාදේශීය නිලධාරීන් පැවසුවේ ජාතික ආරක්ෂක සාමාජිකයින් සහ ප්‍රාන්තය පුරා හදිසි සේවකයින් සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමට සහාය වීම සඳහා මේෆීල්ඩ් වෙත ගලා එන බවයි


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk