මියන්මාරයේ ප්‍රජාත්‍රන්තවාදය ආරක්ශා කිරීමට බයිඩින් පෙරමුනට


0

මියන්මාරයේ හමුදාව සඳුදා කුමන්ත්‍රණයක් දියත් කළ අතර නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ කී ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් රැසක් මේවන විට රඳවා තබා ගෙන ඇත.මිලිටරිය සතු මයාවඩි රූපවාහිනියේ ප්‍රකාශකරන ලද නිවේදනයක දැක්වෙන්නේ සේනාධිනායක ජෙනරාල් මින් අවුන්ග් හ්ලේං වසරක් මියන්මාරය පාලනය භාරව සිටින බවයි.

නොවැම්බරයේ පැවති මැතිවරණයේදී මිලිටරිය විසින් පවසන ලද ඡන්ද වංචාක් පිළිබඳ කිසිවක් නොකරිම සහ සූ කීගේ පාලක පක්ෂය පාර්ලිමේන්තු ආසනවලින් වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වූ නිසාත්,
කොරෝනාවයිරස වසංගතය ව්‍යාප්තවීම නිසත් මෙලස රටේ පාලන බලය අල්ලගත් බවයි.

එය 1962 දී ආරම්භ වූ දශක ගණනාවක දැඩි මිලිටරි පාලනයෙන් හා ජාත්‍යන්තර හුදෙකලාවකින් මියන්මාරය පසුවිය.නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වන සූ කීට වසර ගණනාවක් තිස්සේ නිවාස අඩස්සියේ ජීවත් වූ අතර 2015දි ඇයගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ජයග්‍රහණය කිරීමෙන් පසු එහි නියම නායිකාව බවට පත්විය.

නිදහස් වී නැවත දේශපාලනයට පැමිණි දා සිට, කිසි විටෙකත් බලය සම්පූර්ණයෙන් අත් නොහරින රටේ ජෙනරාල්වරුන් සමඟ කටයුතු කිරීමට ඇයට සිදුවිය.2020 නොවැම්බරයේ පැවති ඡන්ද විමසීමේදී සූ කීගේ පක්ෂය පාර්ලිමේන්තුවේ පහළ හා ඉහළ මන්ත්‍රීවරුන්ගේ සැබෑ මැතිවරණය සඳහා ආසන 476 න් 396 ක් අත්පත් කර ගත්තේය.

‌මෙම පුවත සැලවීම සමග එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් මියන්මාර මිලිටරියේ ක්‍රියාමාර්ගය “රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා නීතියේ ආධිපත්‍යයට සෘජු ප්‍රහාරයක්” ලෙස හැඳින්වූ අතර වොෂින්ටනය සිය සම්බාධක නීති සමාලෝචනය කරන බව කියා සිටියේය. එක්සත් ජනපදය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රහාරයට ලක්වන ඕනෑම තැනක් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.” ඔහු ප්‍රකාශකලේය


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk