මියන්මාරයේ විශ්ව රූ රැජිණ තරඟකාරිය වන තුසාර් වින්ට් එල්වින් ඉරිදා තරඟය භාවිතා කරමින් මිලිටරි ජුන්ටාවට එරෙහිව කතා කරන ලෙස ලෝකයෙන් ඉල්ලා සිටියේය. පෙබරවාරි 1 කුමන්ත්රණයකින් බලය අල්ලා ගත් දා සිට ආරක්ෂක අංශ සිය ගණනක් විරුද්ධවාදීන් මර්ධනය කර තිබේ. ෆ්ලොරිඩාවේ හොලිවුඩ් හි සෙමිනොයිල් හාඩ් රොක් හෝටලයේ සහ කැසිනෝ හි පැවති අවසන් මහා තරඟයට සහභාගී වෙමින් සිටි ඇය වීඩියෝ පණිවුඩයක් ද නිකුත් කරමින් මේ බව කියා සිටියේය. “මියන්මාරය ගැන කතා කරන ලෙස මම සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිමි. කුමන්ත්‍රණයකට මුහුන පා සිට මියන්මාර විශ්ව රූ රැජින ලෙස මම හැකි තරම් කතා කරමින් සිටිමි” යනුවෙන් ඇය පැවසුවාය.
Powerful costume from Myanmar!
— Miss Universe (@MissUniverse) May 14, 2021
Don't forget to vote for your favorite costume at https://t.co/isjijntrRM. Voting closes at 11:59 pm on 5/15. pic.twitter.com/EWCq2fM9CD
කුමන්ත්‍රණයට විරෝධය පළ කළ මියන්මාරයේ ජනප්‍රිය පුද්ගලයින්, නළු නිළියන්, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් සහ ක්‍රීඩා පුද්ගලයින් දුසිම් ගණනක් අතර තුසාර් වින්ට් එල්වින් ද සිටින අතර තේරී පත් වූ නායක අවුන් සාන් සූ කී ට නැවත බලයට ගෙන ඒම සදහා ඉඩ දෙන මෙන් ඉල්ලා සිටි. මිස් යුනිවර්ස් තරඟයේ අවසන් වටයට තුසාර් වින්ට් එල්වින් තේරි පත් නොවූ නමුත් ඇය හොඳම ජාතික ඇඳුම සඳහා වන සම්මානය දිනා ගත් අතර එය වයඹදිග මියන්මාරයේ චින් ජනයාගේ ජනවාර්ගික ඇඳුම මත පදනම් වූ ඇදුමක් විය.