මිල අධික ලි පෙට්ටි වෙනුවට පැරණි ඇදුම් වලින් වියන ලද මිනි පෙට්ටියක අවසන් ගමන් යන පිලිප් කුමරු


0

පිලිප් කුමරු දිගු කලක් තිස්සේ පරිසරයට ආදරය කල සහ පරිසරය රැකගැනිමට ක්‍රියාකර පුද්ගලයෙකි ඒ අනුව,ඔහුගේ අවසන් ගමන යාමට අවමංගල රථය ලෙස විදුලියෙන් ක්‍රියාකරනා ලෑන්ඩ් රෝවර් වාහනයක් සහ යන ඩොලර් 1,200 ක වූල් වලින් සාදන ලද පෙට්ටියක ඔහුගේ දේහය තැන්පත් කර පරිසර හිතකාමී අවසන් කටයුතු කිරීමක් ලැබෙනු ඇතැයි වාර්තා වේ.

1997 දී ඩයනා කුමරියගේ අවමංගල්‍යය සංවිධානය කළ ලන්ඩන් නුවර සිටින ලිවර්ටන් ඇන්ඩ් සන්ස් පිලිප් කුමරුගේ සේවය කටයුතු සඳහා තෝරාගෙන ඇති බව ප්‍රකාශවේ.බ්‍රිතාන්‍යයේ අවමංගල රථ සදහ ප්‍රමයෙන් විදුලි රථ භාවිතා කල සමාගම වන්නේ මෙම සමාගමයි.මේ සමගම රැජිනගේ මව, මාග්‍රට් කුමරිය සහ හිටපු අගමැති මාග්‍රට් තැචර් අවසන් කටයුතු වෙනුවෙන්ද සම්බන්ධ වූ බව ප්‍රකාශවේ.

‌පිලිප් කුමරුගේ දේහ තැම්පත් කරනා විශේශ ගැබ සදන්නේ වූල් වලින් බවයි සදහන් වන්නේ මෙම මිනි පෙට්ටිය සැදිමට අවශ්‍ය වූල් ලබාගෙන ඇත්තේ විලියම් කුමරු සහ හැරි කුමරුගේ මංගල්‍ය සදහා අදින ලද හමුදා නිල ඇදුම් වලිනි.මිනී පෙට්ටිය රැගෙන යන දෙමුහුන් ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් 130 රථයක් වන අතර එය නිර්මාණය කිරීමට ද පිලිප් කුමරු උදව් කළ බව ද සන් පුවත්පත වාර්තා කරයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk