ජපානයට අයත් එම්.වී. වකාෂියෝ නෞකාව ජූලි 25 වන දින කොරල් පරයක් හා ගැටීම නිසා එහි තිබූ තෙල් ටොන් 4,000 ජලයට කාන්දු වීමේ අවධානමක් මතුව තිබේ.
මේ වන විට ටැංකිය තෙල් ටොන් 1,300 ක් පමණ සාගරයට කාන්දු වී ඇති බවට ගණන් බලා ඇති අතර මුරුසි දිවයින ඔබ්බෙන් වූ සගර පරිසාය තව දුරටත් මෙම නිසා අපවිත්‍ර වෙමින් පවති.
මෙම නෞකාව චීනයේ සිට බ්‍රසීලයට ගමන් කරමින් සිටියදී දිවයිනේ ගිනිකොන දෙසින් පිහිටි පොයින්ට් ඩි එස්නි ගල්පරයේ කොරල් පරයක් හා ගැටී ඇති බව සදහන් වනවා.
ව්‍යසනයට ප්‍රතිචාර දැක්වීමට සහභාගී වූ පරිසර විශේෂඥ්ඥ සුනිල් ඩොවාර්කාසින් අනතුරු ඇඟවූයේ මුරුසි දිවයිනට “මෙම හානියෙන් කිසි විටෙකත් සුවය ලැබිය නොහැකි” බවයි.මාළු විශේෂ 340 ක් පමණ නැව දිගේ ගලා බසින ජලයේ ජීවත් වන අතර අගමැති ජුග්නාත් කියා සිටියේ මෙම වාන් දැමීම ප්‍රදේශයේ වෙසෙන මිලියන 1.3 ක ජනතාවගේ ජීවනෝපායට තර්ජනයක් බවයි.