මුහුදයට බලය පැතිරවීමට ඇමරිකාවෙන් නව සැබ්මැරින් කාණ්ඩයක්


0

එක්සත් ජනපද නාවික හමුදාව මෙතෙක් සිදු කළ විශාලතම සැබ්මැරීන් ගොඩනැඟීමේ ගිවිසුමට අත්සන් තබා තිබේ. නව වර්ජිනියා – ක්ලාස් සබ්මැරීන නවයක් සඳහා ගිව්සුම් අත්සන් කර ඇත.මේසදහා ඩොලර් බිලියන 20 කට වඩා වැයවනු ඇත .

මෙම නව සබ්මැරීන මගින් ඇමරිකාවේ සබ්මැරීන් බලඇණියේ සීතල යුද්ධ යුගයේ භාවිතා වූ ලොස් ඇන්ජලීස් – ක්ලාස් බෝට්ටු වෙනුවට නව තාක්‍ෂණය සහිත සැබ්මැරීන් වලට මාරුවනු ඇත. නව සබ්මැරීන බොහෝමයක් ක්ෲස් මිසයිල දියත් කිරීමේ හැකියාව සහිත දිගුකාලීන අපේක්ෂාවක් ඇතුළත් වේ.

දෙසැම්බර් 2 වන දින නිවේදනය කරන ලද මෙම ගනුදෙනුවෙන් ජෙනරල් ඩයිනමික්ස් ඉලෙක්ට්‍රික් සහ හන්ටිංටන් ඉන්ගල්ස් ඉන්ඩස්ට්‍රීස් යන සමාගම් වලින් සමන්විත නැව් තැනීමේ කණ්ඩායමකට ඩොලර් බිලියන 22 ක් ප්‍රදානය කෙරේ.

එක්සත් ජනපද නාවික හමුදාවට ආසන්න වශයෙන් සබ්මැරීන 65 ක් පමණ ඇත. දහ හතරක් ඔහියෝ -පන්තියේ බැලස්ටික් මිසයිල ගෙන යන සබ්මැරීන වේ, එමෙන්ම ඔවුන් තවත් සැබ්මැ‍රින් හතරක් ටොමෝහොක් මිසයිලර් සහ නවික සීල් බලකායට සහය වීමට යොදාගනු ලබයි.

මෙම වර්ජිනියා කාණ්ඩයේ සැබ්මැරීන් වල හි ප්‍රධන ඉල්ලකය සටන්කිරීම නොව, විදේශ රටවල වෙරළ තීරයේ බුද්ධි තොරතුරු එක් රැස් කිරීම, සීල්බලකාය්න් යෙදවීම, සහ TLAMs සඳහා දියත් වේදිකා ලෙස කටයුතු කිරීම වේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk