රිහානා, අරියානා ග්‍රෑන්ඩ්,ටේලර් ස්ව්ෆ්ට් ඇතුලු ඇමරිකානු සංගිත කර්මාන්තයම කලු ජාතිකයන් සමග එකතුවෙයි


0

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ විරෝධතා කරුවන්ට සහයෝගය දක්වමින් එක්සත් ජනපද සංගීත කර්මාන්තය අද සියලු සංගිත වැඩ කටයුතු නැවැත්වූයේය.

යුනිවර්සල් මියුසික් , සෝනි මියුසික් එන්ටර්ටේන්මන්ට් සහ වෝනර් මියුසික් ග්ෘප් ඇතුළු ප්‍රධාන සංගීත ලේබල් තුන නිල දැන්වීම් පළ කරමින් කියා සිටියේ අද දින ඔවුන් සියලු කටයුතු සිදු කිරිමේන් වලකින බවයි.

වෝනර් මියුසික් ග්ෘප් හි කණ්ඩායම ‘# theshowmustbepaused’  යන හැෂ් ටැගය යොදාගනිමින් පැවසුවේ ‘මෙය එක් දිනක් පමණක් වන අතර සැබෑ වෙනසක් සඳහා වන සටන දිගටම කරගෙන යාමට අපි කැපවී සිටින බවයි. වෙනසක් සඳහා පියවර ගැනීමට සමාගමක් වශයෙන් අපට කළ හැකි දේ පිළිබඳව සාමූහිකව මෙනෙහි කිරීමට අපි මෙම දිනය භාවිතා කරන අතර ඉදිරි සති හා මාසවලදී අපි පියවර ගන්නෙමු ලෙසයි.

යුනිවර්සල් මියුසික් ග්ෘප් ප්‍රකාශ කළේ, ‘වෙනසක් සඳහා ඔබේ හඩ නැගීමට ඔබට වගකීමක් ඇති බවත්, එයට කාලය දැන් පැමිණ ඇති බවයි.’

සෝනි මියුසික් හි කණ්ඩායම බෙදාහදා ගත්තේ ලේබලය සමඟ සම්බන්ධ වී සිටින සියලු දෙනා ‘වාර්ගික අසාධාරණයට හා අසමානතාවයට එරෙහිව සටන් කිරීමේදී කළු ප්‍රජාව, අපගේ කලාකරුවන්, සේවකයින්, සගයන් සහ ප්‍රජා නායකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.’ ජුනි 2 යනු ‘වර්තමානයේදී සහ අනාගතයේදී අපගේ ප්‍රජාවන්ගේ අර්ථවත් වෙනසක් සඳහා කැපවී ක්‍රියා කරන දිනයකි.’

ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉටු කිරීම සඳහා ඇමරිකානු කලාකරුවන් වන බියොන්ස්, රිහානා, අරියානා ග්‍රෑන්ඩ් වැනි අය ඉදිරිපත් වූහ. ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය’ ඉල්ලා පෙත්සමක් අත්සන් කරන ලෙස රසිකයන්ගෙන් ඉල්ලා සිටින වීඩියෝවක් බියොන්ස් රූගත කළේය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk