රුසියාවේ පුටින්ට විරුද්ධ විපක්ශ නායකයා අබිරහස් ලෙස විස ශරිරගතව රෝහල් ගතකෙරේ


0

රුසියානු විපක්ෂ නායක හා ප්‍රසිද්ධ ක්‍රෙම්ලිනයේ වීවේචනය කරනා ඇලෙක්සි නවාල්නි සිහිසුන්ව සිටි අතර බ්‍රහස්පතින්දා සයිබීරියානු රෝහලක ක්ෘතීම වාතය ලබාදෙන බව පැවසෙනවා මෙලෙස ඔහු රෝහල් ගතකලේ විස ශරිර ගතවීම හේතුවෙන් බව ඔහුගේ ප්‍රකාශකයා පැවසීය.

44 හැවිරිදි නවාල්නි, සයිබීරියාවේ ටොම්ස්ක් සිට ආපසු මොස්කව් බලා පියාසර කරමින් සිටියදී අසනීප තත්ත්වයක් ඇති වූ බව ඔහුගේ ප්‍රකාශක කිරා යර්මිෂ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. පසුව යානය ඔම්ස්ක් වෙත හදිසි ගොඩබෑමක් සිදු කළ බව ඇය පැවසුවාය.

ඔහු ගුවන් ගත වීමට පෙර ගුවන්තොටුපල ආපන ශාලාවක කළු තේ පානය කළ බව යර්මිෂ් රුසියානු ගුවන් විදුලි මධ්‍යස්ථානයක් වන මොස්කව්හි ඉකෝට පැවසීය.

“අපි හිතන්නේ ඇලෙක්සි තේ වලට මිශ්‍ර කළ දෙයක් සමඟ පානය කර ඇති බවයි. ඔහු උදේට පානය කළ එකම දෙය එයයි. වෛද්‍යවරු පවසන්නේ විෂ ද්‍රවය උණුසුම් ද්‍රවයෙන් වේගයෙන් අවශෝෂණය වන බවයි” යනුවෙන් යර්මිෂ් ට්වීට් කළේය.

නවාල්නි ඔම්ස්ක් හදිසි රෝහලේ අංක 1 හි උග්‍ර විෂ ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ප්‍රධාන වෛද්‍ය ඇලෙක්සැන්ඩර් මුරකොව්ස්කි පවසයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk