නල්ලතන්නියා හි ලක්ෂපාන වතුයායේ උගුලක සිරවී සිටින දුර්ලභ කළු දිවියෙකු හමුවී තිබෙනවා, වනජීවී නිලධාරීන් මේ වන විට තුවාල ලැබූ සත්වයා බේරා ගැනීමට උත්සාහ කරමින් සිටීනවා.
ලෝකයේ ජීවත්වන දිවියන් විශේෂ අටෙන්, උප විශේෂය වන ශ්‍රී ලංකාවේ දිවියන් ඉතා සීමිත ප්‍රමාණයක් ලොකයේම ජිවත් වෙයි.අසාමාන්‍යය වර්ණ විකෘතියක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කළු දීවියන් එහි සුවිශේෂී කලු වර්න ලක්ෂණ ලබා ගත් බව විශ්වාස කෙරේ.
Wildlife officials battle to save rare black leopard caught in a snare in #SriLanka – Snares have turned into fatal dangers as loss habitat force leopards into villages @WWF pic.twitter.com/Dc46inQ0La
— Amantha (@AmanthaP) May 26, 2020
අන්තිම කළු දිවියන් පිළිබඳ පුවත මීට පෙර පිට දෙනියාවේ සිට වාර්තා විය. ඉන්පසුව මෙම සත්වයන් පිලිබද සොයා ගැනීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකාවේ කලු දිවියන්ගේ හි අවසාන හෝඩුවාව ලෙස එය සදහන් විය.
ශ්‍රී ලාංකික දිවියන් පිළිබඳ දිවයින පුරා සමීක්ෂණයක් කරමින් සිටින වනජීවී දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ කළු දිවියන්ගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි මෑතකදී සොයා ගන්නා ලදී. වනජීවී දෙපාර්තමේන්තුව කලු දිවියන්ගේ ගැවසෙන බව විශ්වාස කරන ස්ථානවල දුරස්ථ චලන සංවේදක කැමරා ගණනාවක් සවි කළ අතර, ඔක්තෝබර් 26 වන දින මෙම කැමරාවලින් එකක වඳ වී ගොස් ඇතැයි විශ්වාස කරන සත්වයාගේ දර්ශන සදහන් වී තිබිණ.