දීපවාලි සැමරුමේ කොටසක් ලෙස අයෝධ්‍යාව දෙවන වසරටත් ගිනස් ලෝක වාර්තාවක් තැබීය ඒ පහන් 6,06,569 ක් අවම වශයෙන් විනාඩි 45 ක් වත් දැල්වීමෙනි. උත්සවය විනිශ්චය කිරීම සඳහා ගිනස් කණ්ඩායමක් පැමිණ සිටියහ. මෙම ලෝක වාර්තාව නිර්මාණය කිරීමෙන් අයෝධ්‍ය පරිපාලනය විසින් පහන් 4,10,000 ක් දැල්වීමෙන් 2019 දී පිහිටුවන ලද තමන්ගේම වාර්තාව බිඳ දැමීය.

හින්දු බැතිමතුන් විසින් දිපවලිය සමරන අතර ලොකයෙන් අදුර දුරුව යන ලෙස ඔවුන් ප්‍රර්ථනා කරයි.අයෝධ්‍යාවේ සවස් යාමයත් සමඟ දහස් ගණනක් ස්වේච්ඡා සේවකයන් සරූ ගං ඉවුරේ, මංතීරු සහ ගෙවල්වල ලාම්පු දැල්වීය.කොරොන වයිරස් සමාජ දුරස්ථ සම්මතයන් නොසලකා ගංගා ඉවුරට පැමිණි දහස් සංඛ්‍යාත අමුත්තන් පැමිනීම විශ්මය ජනක දසුනක් බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජයේ ප්‍රකාශක ෂිෂීර් කුමාර් පැවසීය.
#WATCH: Ram Ki Paidi illuminated for ‘Deepotsav’ to be held in Ayodhya, on the occasion of #Diwali. pic.twitter.com/WjUeBbWhfC
— ANI UP (@ANINewsUP) November 12, 2020
ඩ්‍රෝන් සවිකර ඇති කැමරාවලින් උත්සවය අධීක්ෂණය කිරීමෙන් අනතුරුව ගිනස් ලෝක වාර්තාවේ නියෝජිතයන් යූපී මහ ඇමති යෝගී ආදිත්‍යනාත් වෙත සහතිකයක් භාර දුන් බව කුමාර් මහතා පැවසීය.