අයර්ලන්තය දෙසැම්බරයේ සති හයක දැඩි අගුලු දැමීමකින් එළියට එන විට යුරෝපයේ අඩුම කොවිඩ් -19 රෝගීන්ගෙන් අනුපාතය පැවිති රටවලින් එකකි.කෙසේ වෙත්ත එතැන් පටන් තත්වය නොසිතූ ලෙස වෙනස්විය.ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පදනම් වූ ඔන්ලයින් විද්‍යාත්මක ප්රකාශනයක් වන Our World in Data, සඟාරවට අනුව, පසුගිය සතියේ ලොව වැඩිම ආසාදන අනුපාතය සහිත රට බවට පත්විය.
ජනවාරි 10 වනදා දක්වා වූ දින හත තුළ අයර්ලන්තය මිලියනයකට කෝවිඩ් -19 රෝගීන් 1,323 ක් පමණ වාර්තා කර ඇති අතර වසංගතය ආරම්භයේ සිටම නව රෝගීන් 8,248 ක් වාර්තා වී ඇති බව සිකුරාදා වාර්තා විය.
“ප්‍රජාවේ කොවිඩ් -19 පැතිරීමේ මට්ටම පිළිබඳ අපගේ අත්දැකීම් අනුව පෙර නොවූ විරූ ආකාරයේ රෝගී මට්ටමක් ” යැයි අයර්ලන්තයේ ජාතික මහජන සෞඛ්‍ය හදිසි කණ්ඩායමේ (එන්පීඑච්ඊටී) සාමාජික මහාචාර්ය පිලිප් නොලන් අනතුරු ඇඟවීය. නත්තලට පෙර අපට දැක ගත නොහැකි වූ රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට රෝහලේ සිටින බව අපිට සංඛ්‍යා අපට දැකගත හැකිය.ඔහු වැඩි දුරටත් පැවසීය.
අයර්ලන්තයේ වෛද්‍ය විශේෂඥ්ඥයින්, දේශපාලඥ්ඥයන් සහ මහජනතාව දැන් සියල්ලෝම වැරැද්ද කුමක්ද යන්න පිළිබඳව විවාද කරති.වෛරසයේ සෘතුමයභාවය, වඩා සම්ප්‍රේෂණය කළ හැකි එක්සත් රාජධානියේ ප්‍රභේදයක් තිබීම සහ නිවාඩු දිනවල ගෘහස්ථයන් මිශ්‍ර වීම යන සියල්ලම ඉහළ යාමට හේතු වූ බව අගමැති මයිකල් මාටින්ගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.