ලොවම පුදුමයට පත් කරමින් ඇපල් සමාගම නවතම සේවාවන් සහ උපාංග හදුන්වාදිමට සූදානම් බව ප්‍රකාශවේ


0

ඇපල් සමාගම WWDC සමුලුවේදී ඔවුන්ගේ නවතම විශේශංග හදුන්වා දීමට නියමිත වේ. මේ අතර නවීකරණය කරන ලද මැක්බුක්ස්. I Message විශේෂාංගයේ නවතම යාවත්කාලීනය ඇති බව පැවසෙනවා. අයිපෑඩ් මෙහෙයුම් පද්ධතිය සහ iOS 15 මෙහෙයුම් පද්ධතියද පෙරළියක් කරනු ඇති බව පැවසෙනවා. WWDC ජූනි 7 වන දින ආරම්භවන අතර මෙය දින කිහිපයක් පැවැත්වෙන උත්සවයකි. වර්ථමාන්යේ ඇපල් සමාගම හදුන්වා දුන් නව පෞදගලික ප්‍රතිපත්ති වෙනස සහ එපික් ගේම් හී වෙලඳ ගාස්තු මත ඇතිවු මත ගැටුම මධ්‍යයේ ඇපල් සමාගමට තම සංවර්ධක ප්‍රජාව ඇමතීමට අවස්ථාවක් හිමි වනු ඇත.

නව උපකරණ

WWDC දී බොහෝ දෙනා අපේක්ෂා කරන වඩාත්ම වැදගත් දෘඩාංග නිවේදනය වන්නේ ප්‍රතිනිර්මාණය කරන ලද අඟල් 16 මැක්බුක් ප්‍රෝ හඳුන්වාදීම සහ අඟල් 14 ක අනුවාදයක් ද විය හැකි බව බ්ලූම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කරයි. මේම උපාංශ සමග ඔවුන්ගේ නවතම M1 ප්‍රොසේසරය සහ මැග්සේෆ් භාහිර බල සැපයුම අඩංගු විය හැකි බව පැවසෙනවා. අනෙකුත් උපාංග අතර ඇපල් සමාගමට තම AirPods හි නව සංස්කරණයක් ප්‍රකාශයට පත් කළ හැකිය. අවසාන වශයෙන්, අයිපෑඩ් හට නව මෙහෙයුම් පද්ධතියටද නව යාවත්කාලීනයන් ලබා ගැනිම සිදුවිය හැක.

නව සමාජමාධ්‍ය තරාගකරුවෙකු

iMessage ම්ෘදුකාංගය නව සමාජමාධ්‍ය තරගකරුවෙකු බව පත්විය හැකි බව බොහෝ තාක්ශනික විශ්ලේශකයන් මේ වන විට විශ්වාසකරන බව පෑවසෙනවා.ෆේස්බුක් හි WhatsApp සමඟ තරඟ කරන සමාජ මාධ්‍ය වේදිකාවක් මෙන් iMessage වැඩි කිරීමට iPhone නිෂ්පාදකයා කටයුතු කරමින් සිටී. බ්ලූම්බර්ග් වාර්තා කළේ iOS 15 iMessage යාවත්කාලීනයන් ස්වයංක්‍රීය පිළිතුරු සඳහා නව විකල්ප ඇතුළත් වන අතර පරිශීලකයින් රිය පැදවීමේදී දැනට පවතින ස්වයංක්‍රීය පිළිතුරු වෙනුවට මෙම නව සේවය භාවිතා කල හැකි බවයි.


Like it? Share with your friends!

0

Equality and Writing. I also sing and perform slam poetry