තුර්කියේ ගැසියන්ටෙප් පළාතේ සියුග්මා නම් පුරාණ ග්‍රීක නගරයක අවුරුදු 2200 ක් පැරණි මොසෙයික් නිර්මාණ කිහිපයක් පුරාවිද්ඥ්ඥයින් විසින් සොයා ගන්නා ලදී .මීට පෙර දැක නැති ග්‍රීක හා රෝම කලාවන් එළිදැක්වීමට ඔවුන් අපට අවස්ථාව ලබා දී තිබේ.

නව මොසෙයික් නිර්මාණ තුන ක්‍රි.පූ 2 වන සියවස දක්වා දිව යයි.අන්කාරා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කුටල්මේ ගාර්කේ සහ ඔහුගේ කණ්ඩායම කැණීම් ආරම්භ කර වර්ණවලින් පොහොසත් විස්මිත හා හොඳින් සංරක්ෂිත වීදුරු මොසෙයික් සොයා ගන්නා ලදි.

ඔහු පැවසුවේ “තවමත් කැණීම් නොකළ ප්‍රදේශ තිබේ. මෙහි ගල් කැටයම් කළ නිවාස තිබේ. අපි මෙම නිවාස වලින් එකකට ළඟා වී ඇති අතර නිවසක කුටි හයක් ඇතුළත් වේ. මේ වසරේ කැණීම්වලදී අපි නව මොසෙයික් තුනක් ද සොයාගෙන තිබෙනවා. ”
පුරාණ ග්‍රීක පුරාවෘත්තවල චරිත වලින් සරසා ඇති මෙම මිනිසුන්ගේ නිවෙස් එකල ජිවත් වූ පොහොසත් මිනිසුන්ගේ නිවාස බව සැලකෙනවා.