වට්ස්ඇප් අවසානයේ ජනතාව වඩාත්ම ඉල්ලූ අංගය ලබාදී තිබෙනවා: ඩාර්ක් මූඩ් එකයි.මේ වන විට ඩාර්ක් මූඩ් එක අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇති අතර, තෝරාගත් ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන් කිහිප දෙනෙකු මෙම විශේෂාංගයේ මිට පෙර ලබාදෙන ලදි, සමාගම විසින් සියලුම ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිල වශයෙන් සහාය දක්වන පළමු අවස්ථාව මෙයයි.
වට්ස්ඇප් පවසන්නේ ඔවුන්ගේ මූලික අවධානය යොමු වූයේ අඩු ආලෝක පරිසරයකදී ඇස් වෙහෙස කීර්ම අඩු කිරීම බවයි. වෙනත් යෙදුම් මෙන් නොව අඳුරු ප්‍රදේශ කළු පැහැයක් නොගන්නේ එබැවිනි.
පරීක්ෂන වලදි තද කළු සහ සුදු අතර වෙනස අක්ෂි තෙහෙට්ටුවට හේතු විය හැකි බව සමාගම සොයා ගත් අතර ඒ වෙනුවට එය තද අළු පැහැති පසුබිමක් භාවිතා කරයි.
අවසනයේදි ඔබේ දුරකථනය අඳුරු කාමරයක් මැද විදුලි පන්දමක් මෙන් බැබළෙන්නේ නැතිව ඔබට වට්සැප් භාවිතා කළ හැකිය.