ප්‍රංශ ජාතික නේතන් පෝලින්, අයිෆල් කුළුණේ සිට සයින් හි අනෙක් පැත්තේ චයිලොට් රඟහල දක්වා මීටර් 600 ක් දුරක් කඹයක් මත ගිය අතර 27 හැවිරිදි පුද්ගලයාට මෙය සදහා පැය භාගයක් ගත විය. කෙසේ වෙතත්, පෝලින් මෙම ජයග්‍රහණය කිරීමට උත්සාහ කළ පළමු අවස්ථාව මෙය නොවේ – ඔහු මීට පෙර 2017 දෙසැම්බර් මාසයේදී රූපවාහිනී පුණ්‍යාධාර අරමුදල් රැස් කිරීම සඳහා අයිෆල් කුළුණේ සිට සමාන මාවතක ගමන් කළේය.
This French slackliner stunned Parisians with a hair-raising walk across the Seine. pic.twitter.com/arJtgFogRa
— DW News (@dwnews) September 19, 2021
පෝලින් මීට පෙර ලෝක වාර්තා කිහිපයකටම හිමිකම් කියා ඇත.පොලින් සෙනසුරාදා අයිෆල් කුලුණ පාමුල පැවත්වුන ප්‍රසංගය අතරතුර සමහර ස්ථානවල දී කඹයමත හිඳගෙන වාඩි වී නිදා ගැනීම සිදුකලේය. පෝලින්ගේ දස්කම් වලට අයිෆල් කුළුණ යට සිට ඉහල දෙස බලා සිටි ජනතාවගෙන් මහත් අත්පොළසන් සහ සහයොගයක් ලබා දුන්නේය.පෝලින්ගේ මෙම දස්කම යුරෝපා උරුමයන් සඳහා පැරීසියේ පැවති සැමරුම් සහ සංස්කෘතික ඔලිම්පියාඩ් දියත් කිරීමේ උත්සවයේ කොටසක් වූ අතර එයට ප්‍රංශ කලාකරුවන්ගේ තවත් ප්‍රසංග ගණනාවක් ද ඇතුළත් විය.