බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ඔහුගේ බන්ද්‍රා මහල් නිවාසයේ මිය ගොස් වසර දෙකකට වැඩි කාලයකට පසු , මුම්බායි හි කූපර් රෝහලේ මෘත ශරීරාගාර දෙපාර්තමේන්තුවේ සේවකයෙකු ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැකයක් මතු කර තිබේ. රොප්කුමාර් ෂා නමැති රෝහල් සේවකයා චෝදනා කළේ එදින තමා සේවය කරමින් සිටියදී ප්රභූවරයෙකුගේ මළ සිරුරක් රෝහලට ගෙන ආ බවත් ඒ නිසා රෝහල් භූමියේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටි බවත් දැනගත් බවයි.
#WATCH | "When I saw Sushant Singh Rajput's body it didn't appear to be a case of suicide. Injuries marks were there on his body. I went to my senior but he said we will discuss it later," says Roopkumar Shah, Mortuary Servant, Cooper Hospital, Mumbai pic.twitter.com/NOXAsaI8uH
— ANI (@ANI) December 26, 2022
“අපි ශරීරයෙන් ඇඳුම් ඉවත් කළ විගසම එය සුෂාන්ත් සිං රාජ්පුත්ගේ සිරුර බව අපට පෙනුණා,” ෂා මාධ්‍යවේදීන්ට පැවසීය. “මට අවුරුදු 28ක පමණ අත්දැකීමක් තියෙනවා, එයාගේ බෙල්ලේ තියෙන සලකුණු වලින් මට වෙනස් දෙයක් හම්බ වුණ නිසා මම මගේ ජ්‍යෙෂ්ඨයන් එක්ක කතා කරන්න ගියා, ඒ වෙනුවට එයාලා මට කිව්වේ පස්සේ කතා කරමු කියලා” ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
ෂා පැවසුවේ, “ඔහුගේ බෙල්ලේ සලකුණු එය සියදිවි නසාගැනීමක් ලෙස පෙනෙන්නට නොතිබුණි, එය මිනීමැරුමක් ලෙස පෙනේ. ඒ වගේම ඔහුගේ සිරුරේ වෙනත් සලකුණු තිබී අස්ථි බිඳීම්වලට ලක්ව ඇති බවක් පෙනෙන්නට තිබුණා.” ඔහුතව දුරටත් ප්‍රකාශ කලේය.
සුෂාන්ත් සිං ගේ සිදුවිම පිලිබද කරන පරික්ශන අතරතුර ඉනදියාවේ බොලිවුඩ් මාෆියාව කෙරෙහි ලොකයේ අවධානය එල්ල විය. ඉන්දියවේ බොල්වුඩ් නිර්මාන අතර ඉතාම තදින් පවුල් වාදය ගොඩ නැගි පවතින අතර බොහෝ නලු නිලියන් සහ නිශපාදකයන් එකම පවුල් වලින් පැවතගෙන එන පිරිසි වෙනවා. සුෂාන්ත් සිං වැනි පිටස්තරයන් හර ක්ශේත්රේයේ ඉහලට යාමට විවිධ අභියෝගවලට මුහුන දුන් අතර ඉන්දියානු බොලිව්ඩ් සිනමාවේ පවතින පවුල්වාදය සහ දූශන වංචා සුෂාන්ත් සිං ගේ ඝාතනයට හේතු වූ බව බොහේ දෙනා ප්රකාශකල සිටියේය.
එමෙන්ම සුෂාන්ත් සිං ගේ පෙම්වතිය වන රේහා චක්රබොති ගේ සැක සහිත හැසිරිම සහ ඇය සුෂාන්ත් සිං ඉදිරියේ දිත්ව චරිත රඟපැම සහ , බොලිවුඩ් තුල විවිධ දූශන වලට සම්බන්ද පිරිසි ලඟින් ආශ්‍රය කිරිම මෙහිදි බොහෝ දෙනාගේ සැකයට ලක්විය.