ව්‍යාජ කොරොනා එන්නත් ලබාදුන් මධ්‍යැස්ථානයක් වැටලූ බව ඉක්වදෝරය ප්‍රකාශ කරයි


0

ව්‍යාජ එන්නත් දහස් ගණනක් ලබා දුන් ඉක්වදෝරිහී විකල්ප ඖෂධ මධ්‍යස්ථානයක් කූඩෝරන් පොලිසිය විසින් වසා දමා ඇති බව පළාත් පාලන ආයතනය අඟහරුවාදා ප්‍රකාශ කළේය.මෙම මධ්‍යස්ථානය විසින් යම් ද්‍රව්‍යක් එන්නත් තැබීම සඳහා ඩොලර් 15 බැගින් ලබා ගෙන ඇති අතර මාත්‍රාවකින් පසු ඔවුන් කොරොනා වෛරසයට ප්‍රතිශක්තීකරනය ලැබෙන බව ජනවතාවට පවසා ඇති බව ජනතාවට පැවසූහ. බලධාරීන් සාක්ෂිකරුවන් හා මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයින් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වූ අතර එය එම ස්ථනයෙන් එන්නත් කිරිම් මාත්‍රාව 70,000 ක් දක්වා ලබා දී ඇතැයි විශ්වාස කරයි.

කෙසේ වෙතත් මධ්‍යස්ථානයේ හිමිකරු කියා සිටියේ එය එන්නත් ලබා නොදෙන බවත්, රෝගීන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා “විටමින් සහ සෙරුමය” සහ රෝගය සුව කිරීම සඳහා වන වෙනත් ප්‍රතිකාර ක්‍රම යන් ලබාදෙන බවත්ය. “මම මෙහි කොරොන වයිරස් රෝගීන් 20,000 කට පමණ ප්‍රතිකාර කර තිබෙනවා” යැයි ඇය ඉක්වදෝරන් පුවත්පත වන එල් කොමර්සියෝ වෙත පැවසුවාය .

ඉක්වදෝරය 2020 වසන්තයේ දී ලතින් ඇමරිකාවේ මුලින්ම වසංගතය පැතිරුන ස්ථාන වලින් එකක් බවට පත්විය. අද වන විට කොරෝනා වලින් මරන 14,668 ක් සහ වෛරස් රෝගීන් 242,146 ක් වාර්තා කර ඇත. ඉක්වදොරය මේ වන විට එන්නත් දෙකක් සඳහා භාවිතා කිරීමට අවසර දී ඇත – ෆයිසර් / බයෝ එන්ටෙක් සහ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා විසින් නිපදවන ලද ඒවා වන අතර වසර අවසානයේදී සියලුම වැඩිහිටියන්ට නොමිලේ එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිතිඥ්ඥා දී තිබේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk