‘ඔන්ලයින් මාර්ගයෙන් ඇබැහිවන ආකරයේ සේවවන් වලින් මුදල් එකතුකිරිම ප්රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය නායක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි තමන්නා භාතිය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මදුරාසි මහාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ
චෙන්නායි හි නීතිඥ්ඥයෙකු විසින් ගොනු කරන ලද පෙත්සමේ දී පෙත්සම්කරු තරුණ තරුණියන් එයට ඇබ්බැහි වී ඇති බව පවසමින් මාර්ගගත ක්රිඩා කල එමගින් මුදල් ලබාගන්නා යෙදුම් තහනම් කරන ලෙස එම්එච්සී වෙතින් උපදෙස් ලබාගෙන තිබේ.
පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අන්තර්ජාල එවැනි සමාගම් විරාත් කෝලි සහ තමන්නා වැනි තරු තරුණයින්ගේ මොළ සේදීම සඳහා යොදා ගන්නා බවත් ඒ නිසා දෙදෙනාම අත්අඩංගුවට ගත යුතු බවත්ය.
වෘත්තීයමය වශයෙන් විරාත් කෝලි ඉන්දීය ප්රිමියර් ලීග් (අයිපීඑල්) හි එළඹෙන සංස්කරණයට සහභාගී වීමට සූදානම්ව සිටී. පසුගිය සති කිහිපය තුළ, මාස තුනක කාලයක් නිවසේ රැඳී සිටීමෙන් පසුව, ඉන්දීය ක්රිකට් ක්රීඩකයින් පුහුණුවීම් ආරම්භ කළහ – එය ඉන්දීය ක්රිකට් ක්රීඩකයින් සඳහා ක්රිකට් නැවත ආරම්භ කිරීම පිළිබඳ ඉඟියක් විය