විශ්වයේ කෙලවර දක්වා නැරඹිය හැකි යැයි විශ්වාස කරනා ජේම්ස් වෙබ් ගැන ඔබ නොදත් ​දේ


0

ජුලි 12 වන දින, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් (JWST) සම්පූර්ණ විභේදන විද්‍යා ඡායාරූප කට්ටලය නිකුත් කරන ලදී. මෙම කට්ටලයට Carina Nebula, Eight-Burst Nebula, Stephan’s Quintet නම් මන්දාකිණි සමූහයක් සහ එය පිටුපස ඇති වස්තූන්ගේ ආලෝකය විහිදුවන මන්දාකිණි පොකුරක් මෙන්ම WASP නම් බාහිර ග්‍රහලෝකයේ සංයුතිය පිළිබඳ විශ්ලේෂණයක් ද විස්මිත තියුණු පින්තූර ඇතුළත් විය. මෙම පින්තූර ගත් දුරේක්ෂය සහ එය ඊළඟට හෙළි කළ හැකි දේ ගැන ඔබට දැනගත යුතු සියල්ල මෙම ලිපය මගින් වර්ථාකරෙන්නෙමු.

ජේම්ස් වෙබ් සහ හබල් දුරෙක්ශය යනු ඇත අභ්‍යවාකාශ ගවේශනය කල හැකි දූරේක්ශ දෙකකි. අභ්‍යවකාශයේ බොහෝ අලංකාර රූප නිපදවන හබල් දුරේක්ශය ඇති. නමුත් JWST විශාලයි, ඒ නිසා එහි පින්තූර වඩාත් සවිස්තරාත්මකයි. එය හබල්ට වඩා වෙනස් තරංග ආයාමයකින් ද නිරීක්ෂණය කරයි, එමඟින් හබල්ට කළ නොහැකි දේවල් – විශේෂයෙන් ඉතා දුරස්ථ දේවල් – දැකීමට ඉඩ සලසයි.

JWST හට නිරීක්ෂණය කළ හැකි විශ්වයේ කොපමන දුරක් දක්වාද යන්න පිලිබද සැලකුවහොත් , මෙම දූරේක්ශයට ආලෝක වර්ෂ බිලියන 13.5 ක් දැකගත හැකිවේ.මහා පිපිරුමෙන් වසර මිලියන 100 ත් 250 ත් අතර කාලයක් JWST හට දැක ගත හැකි වේ නමුත් මෙයට විශ්වයේ අන්තය දැක ගත නොහැක මෙයට හේතුව වන්නේ. විශ්වයේ ප්‍රසාරණය නිසා අපගේ විශ්වය අන්තය ඇත්තේ ඉතාමත් දුරින් වේමයි.

මෙම දූරේක්ශයෙ​න් එකතු කරන ලද දත්ත සහ නිරූපණ සමඟින්, විද්‍යාඥයින් විසින් දැනට පිළිගත් විශ්වයේ වයස අවුරුදු බිලියන 13.7කට වඩා බොහෝ සෙයින් පැරණි බවට සංශෝධනය ඉදිරියේදි සංශෝදනය කිරිමේ සම්භාවිතාවක්ද ඇති බව පැවසෙනවා. මෙම දූරෙක්ශයෙන් විශ්වයේ ප්‍රසාරණ පිලිබද ඉතා නිවැරදි දත්ත ලබා ගැනිමට හැකියව තිබෙනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk