ඉණ වටා ඇති අතිරික්ත මේදය සමස්ත ශරීර මේදයට වඩා තරුණ කල සිදුවන මරණ අවදානම සමඟ සම්බන්ධ වී ඇති නමුත් විශාල උකුල් සහ කලවා අඩු අවදානමක් සමඟ සම්බන්ධ වී ඇති බව නව පර්යේෂණවලින් හෙළි වී තිබේ.”මධ්‍යම මේදය” මැනීම සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) සමඟ භාවිතා කිරීම නොමේරූ මරණයේ අවදානම තීරණය කිරීමට උපකාරී වන බව විද්‍යාඥ්ඥයෝ පවසති.
අන්තර්ජාතික පර්යේෂකයන්ගේ නවතම සොයාගැනීම් සහ BMJ හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයන් 72 ක ප්‍රතිඵල මත පදනම් වී ඇති අතර එය සදහා වසර 2.5 ත් 3 ත් අතර කාලයක් තිස්සේ නිරීක්ෂණය කරන ලද මිලියන 2.5 කට අධික සහභාගීවන්නන් සහභාගී විය.
එක් එක් අධ්‍යයනයන්හි ඉණ වට ප්‍රමාණය, උකුල් වට ප්‍රමාණය, කලවා වට ප්‍රමාණය, ඉණ සිට උකුල අනුපාතය, ඉණ සිට උස අනුපාතය සහ ඉණ සිට කලවා අනුපාතය ඇතුළුව අවම වශයෙන් “මධ්‍යම මේදයේ” මිනුම් තුනක් වත් අවදානම් ඇස්තමේන්තු කර ඇත.ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ පෝෂණ විද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යයන කතුවරයා වන ටවුසෙෆ් අහමඩ් ඛාන් පැවසුවේ උදරය වටා ඇති මේදය ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට වඩා ගැටළු සහගත විය හැකි බවයි.
ඔහු පැවසුවේ “ බඩ මේදය යනු උදරයේ අවයව වටා ගබඩා කර ඇති මේදය වන අතර එහි අතිරික්තය අධික කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය , හෘද රෝග, දියවැඩියාව සහ ආගාතය සමඟ සම්බන්ධ වේ.”එබැවින්, බඩේ මේදය වැඩියෙන් තිබීම මෙම රෝගවලින් මියයාමේ අවදානම වැඩි කරයි.”