විශාල ග‍්‍රහකයක් ලබන මාසයේ පෘථිවිය හරහා ගමන් කරන බව නාස ආයතනය පවසයි


0

අපේ‍්‍රල් 29 වන දින සැතපුම් 1.1 ත් 2.5 ත් අතර පළල ඇති ග‍්‍රහකයක් පෘථිවිය හරහා පියාසර කරනු ඇත. නමුත් එය අපේ පෘථිවිය සමඟ ගැටෙනු ඇතැයි අපේක්ෂා නොකෙරේ. එය එසේ වූයේ නම්, ග්‍රහකය “ගෝලීය බලපෑම් ඇති කිරීමට තරම් විශාල” බව නාසා ආයතනය පවසනවා.

මෙම ග්‍රහකය 52768 (1998 OR2) ලෙස හැඳින්වෙන අතර එය ප්‍රථම වරට 1998 දී සොයා ගන්නා ලදී. එය පෘථිවියේ සිට සැතපුම් 3,908,791 ක් පසුකර පැයට සැතපුම් 19,461 ක් ගමන් කරයි.

නාසා හි පෘථිවියට ආසන්න වස්තු අධ්‍යයන මධ්‍යස්ථානයට අනුව, ග්‍රාහකය ගමන් කිරීම කිරීම අප්‍රේල් 29 බදාදා අලුයම 4:56 ට ET සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ග්‍රහකය අනතුරුදායක වස්තුවක් ලෙස වර්ගීකරණය කර ඇත්තේ එය පෘථිවි කක්ෂයට ආසන්නව ගමන් කරන බැවිනි, නමුත් එය දැනට නාසා හි අනාගතයෙදි පෘථිවි බලපෑම් සිදුවීම් ලැයිස්තුවේ නොමැත .

නාසා හි සෙන්ට්‍රි සිස්ටම් විසින් එවැනි අනතුරුදායක ග්‍රාහක ගැන තොරහුරු රැස්කර අධීක්ෂණය කරනු ලැබේ , “ඉදිරි වසර 100 තුළ පෘථිවිය සමඟ අනාගත බලපෑම ඇතිවීමේ හැකියාව ඇති ග්‍රාහක එම පද්ධතිය විසින් දිගින් දිගටම ස්කැන් කිරීම සිදුකරයි “

තර්ජනයක් විය හැකි පෘථිවියට ආසන්න වස්තූන් සොයා ගැනීමට අමතරව, නාසා සහ අනෙකුත් ආයතන විසින් දැනට පෘථිවියට ආසන්න ග්‍රහක අධ්‍යයනය කිරීම හා ගැටීමේ අවදානම අවම කිරීම සඳහා මෙහෙයුම් සිදු කරමින් සිටී. මෙම නිරීක්ෂණාගාරය චිලියේ උතුරු මැද සෙරෝ පැචන් කඳු මුදුනේ පිහිටා ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk