වෘත්තිය ගගණගාමින් නොවන ආධුනිකයන් රැගත් ඩ්‍රැගන් කැප්සියුලය සාර්ථකව කක්ශගත වෙයි


0

පෘථිවිය වටා කක්ෂගත වූ ප්‍රථම සිවිල් කාර්ය මණ්ඩලය වන ආධුනික ගගනගාමීන් සිව් දෙනා අභ්යවකාශයේ ඔවුන්ගේ “ඇදහිය නොහැකි” පළමු දිනය ගත කළහ. මෙම කණ්ඩායම ඇතුළත් ඩ්‍රැගන් කැප්සියුලය බදාදා රාත්‍රියේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ස්පේස් එක්ස් ෆැල්කන් 9 රොකට්ටුවට ඉහළින් දියත් කරන ලදී . Inspiration4 මෙහෙයුමේ කොටසක් ලෙස, කාර්ය මණ්ඩලය දින තුනක් පමණ අභ්‍යවකාශ ගත කිරීමට නියමිත අතර, සෑම මිනිත්තු 90 කටම වරක් පෘථිවිය වටා සැතපුම් 17,000 කට වඩා වැඩි වේගයකින් සහ සැතපුම් 360 ක උන්නතාංශයක ගමන් ගනී.

පෘථිවිය වටා කක්ෂ 15 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කර ඇති අතර ඩ්‍රැගන් කැප්සුලයේ කූපෝලාව උපරිම ප්‍රයෝජනයට ගත් බව ඔවුහු පැවසූහ.කූපෝලාව යනු විනිවිද පෙනෙන ගෝලාකාරයක් වන අතර එමඟින් ගගනගාමීන්ට අභ්‍යවකාශය සහ පෘථිවිය පිළිබඳ විශ්මය ජනක දසුන් ලබා දේ. ඔවුන්ගේ ගමනේදී , ඔවුන් ආපසු ගොබෑමට පෙර විද්‍යාත්මක අත්හදා බැලීම් මාලාවක් සිදු කරනු ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk