කෝවිඩ් -19 වෛරසයට එරෙහිව කෙගල් ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයකු විසින් නිපදවන ලද හෙළ ඔෂධයේ අවසාන සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල ලබන මාසය තුළදී රජයට දැනුම් දෙන බව ආයුර්වේද බලධාරීහු පවසති.හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා ඒ බව හෙළිකළේය.
මෙම ඔෂධය සාර්ථක වුවහොත් මේ රටේ ජනතාවට නොමිලේ ලබා දීමට සාකච්ඡා කරමින් සිටින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිරා ජයකොඩි ප්‍රකාශ කළේය.වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි යැයි පැවසෙන දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති බව මෙරට මාධ්‍යවලින් ප්‍රකාශකල අතර එය අනාවරණ කිරීමෙන් පසු සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ අවධානය ඊට යොමු විය.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ මෙම ඖෂධය පිළිබඳව තවත් දින කිහිපයක් සායනික වශයෙන් අධ්‍යනය කරන බවය. “මේ ගැන තවදුරටත් අධ්‍යනය කිරීමෙන් පසු රෝගීන් වෙත ලබා දීමට සුදුසුදැයි යන්න පිළිබඳ නිර්දේශය ලැබෙයි,” යනුවෙන් ද සඳහන් කළේය