විදුලිය ඇණහිටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ද අඩාල විය. විදුලිය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු පැය 03 සිට 05 දක්වා කාලයක් ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන බව ජල මණ්ඩලය පවසයි.
විදුලිය ඇණහිටීම හේතුවෙන් සංඥ්ඥා විදුලි පහන් ක්‍රියා විරහිත වීම නිසා කොළඹ මාර්ග කිහිපයකම අධික තදබදයක් වාර්තා වූ අතර, සවස 4.30 ට ලංවිම කියා සිටියේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය දෙකක් ගතවනු ඇති බවයි.
The electricity breakdown of the country since 12.35 noon today is due to system failure of kerawalapitiya grid says Ministry of Power. All attempts are being taken to rectify the error as soon as possible. Ministry regrts inconvineance caused. pic.twitter.com/RVLv6mNWxd
— Nalaka Kaluwewa (@NalakaKaluwewa) August 17, 2020
කෙසේ වෙතට්න් රාත්‍රි 7 පමන වන විට දිවයිනේ සියට 75 ක පමණ නැවත විදුලිය යථා තත්වයට පත්කර ඇති බව සදහන් කරන අතර. මෙම විදුලි බිද වැටීම සිදුව වී ඇත්තේ සම්ප්‍රේෂණ පද්ධතියේ හදිසි තාක්ෂණික දෝෂයක් නිසා බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලකශන ජයවර්ධන මහතා පැවසීය. කේරවලපිටිය ග්‍රිඩ් උපපොළේ විදුලි සැපයුමේ ඇති තාක්ෂණික දෝෂය හඳුනාගෙන ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා පවසයි.