ෆේස්බුක් සමාගම විසින් කරන ලද අධ්‍යයනයකින් සනාථ වී ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලය ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රචණ්ඩත්වයට බලපෑම් කළ බවයි.
ෆේස්බුක් විසින් නිකුත් කරන ලද වාර්තාවේ සාරාංශයක සදහන් වන්නේ, “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අවදානමේ ප්‍රධාන ප්‍රභවයක් ලෙස මුස්ලිම් සුළු ජාතීන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවුලුවාලීම සඳහා කටකතා සහ වෛරී ප්‍රකාශ පැතිරීම ෆේස්බුක් විසින් හඳුනාගෙන තිබේ.”යනුවෙනි.
එවැනි සිදුවීම් අතර, මහනුවරදී මුස්ලිම් විරෝධී ප්‍රහාර 2018 දී වඩාත් පුලුල්ව පැතිරී ඇති අතර එලෙස සිදුවූ එකම සිදුවීම එය නොවන බවද ඔවුන් ප්‍රකාශකර තිබෙනවා.
අදාළ අධ්‍යයනය නිගමනය කළේ වක්‍රව ප්‍රචණ්ඩත්වයට හේතු වූ කටකතා සහ වෛරී ප්‍රකාශ පැතිරවීමට ෆේස්බුක් දායක වී ඇති බවයි.
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල ෆේස්බුක් හි මානව හිමිකම් කටයුතු අධ්‍යයනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් ෆේස්බුක් හි මානව හිමිකම් අධ්යක්ෂ මිරැන්ඩා සිසන්ස් සහ මානව හිමිකම් ප්‍රතිපත්ති කළමනාකරු ඇලෙක්ස් වොරොෆ්කා මහතා සමග සාකච්චා කර ඇත්තේ
මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින හිඩැස් පිරවීම සදහා මෙම වර්ථවෙන් සපයන ලද නිර්දේශ පිළිගන්නා බවයි
මේ සම්බන්ද තවත් ලිපි – Facebook Apologizes for Role in Sri Lankan