ඊයේ රාත්‍රියේ තවත් Covid19 රෝගීන් 3 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මුළු රෝගීන් සංඛ්‍යාව 420 කි.සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම රෝගීන්ගේ ප්‍රදේශ හඳුනාගෙන ඇති බව අනාවරණය වී තිබේ.මෙම රෝගීන් සමඟ ශ්‍රී ලංකාව ඊයේ රෝගීන් 52 ක් වාර්තා කර තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ පැවසුවේ වැලිසර නාවික කඳවුරේ තවත් නාවික භටයින් 30 දෙනෙකු ආසාදනය වී ඇති බවයි.ඒ අනුව මීට පෙර තහවුරු වූ 30 දෙනා සමග නාවික සෙබළුන් 60 දෙනකු ආසාදිත වී ඇති බවට යුද හමුදාපතිවරයා පැවසීය.
මේ වන විට වැලිසර කදවුර මුළුමනින්ම හුදෙකලා කර ඇති අතර PCR පරීක්ෂණ දිගටම සිදුකරගෙන යන බව වර්තාවනවා.