පෙර දින රාත්‍රි 10.30 වන විට ශ්‍රී ලංකාවේ තුල තහවුරු වී ඇති කොරෝනා ආසාදන රෝගීන් දක්වා 2,665 දක්වා ඉහළ ගියේය.වාර්ථා වූ අළුත්ම සිද්ධීන් අතර කන්දකඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් අනාවරණය කරගත් රෝගියෙකුගේ සම්බන්ධතා 01 ක්, ඕමානයේ සිට පැමිණීම් 01 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණි පුද්ගලයින් 02 ක් ඇතුළත් බව රජයේ පුවත් දෙපාර්තමේන්තුව පවසයි.

කන්දකඩු COVID-19 පොකුරට සම්බන්ධ රෝගීන්ගේ සමීප සම්බන්ධතා 08 ක් වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන ලදී. මීට අමතරව, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 04 දෙනෙකු ද කොරෝනා වයිරස් ධනාත්මක බව තහවුරු කරන ලදී.
ඒ අනුව නව කොරොන වයිරස් රෝගීන් 19 ක් පෙර දින වන විට තහවුරු වී තිබිණ.වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ දැනට දිවයින පුරා රෝහල් කිහිපයක සක්‍රීය COVID-19 රෝගීන් 666 ක් වෛද්‍ය ප්‍රතිකාර යටතේ සිටින බවයි.