ශ්‍රි ලංකාවේ කොරෝනා වෛරසය:පුද්ගලයන් 1400 කට ආසන්න ප්‍රමාණයක් නිරෝධානයේ


0

ශ්‍රි ලංකාවේ කොරොන වයිරස් සංඛ්‍යාව ඉහළ යාමත්, බලධාරීන් පාසල් හා විශ්ව විද්‍යාල වසා දැමීමත්, පොදු උත්සව අවලංගු කිරීමත් නිසා යුරෝපයේ මෙන්ම ඉරානයේ සහ කොරියාවේ රටවල් නවයක සංචාරකයින්ට සති දෙකක කාලයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාව සිකුරාදා නව කොරෝනා රෝගින් තුනක් වාර්තා කළ අතර,
දෙදෙනෙකු ඉතාලියේ සිට ආපසු පැමිණි දෙදෙන්කු සහ මෑතකදී ජර්මනියට ගිය තවත් අයෙකි.

මේ වන විට ශ්‍රී ලංකාව පුද්ගලයන් 1,400 කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය කර ඇති අතර, නිරෝධනයට ලක් කල පිරිසගේ බොහෝ ප්‍රමාණයක් ඉතාලියේ සිට පැමිණි පිරිස් වේ.

ශ්‍රී ලංකාව මේ වන විට කොරොන වයිරස් සඳහා පුද්ගලයින් පස් දෙනෙකුට ප්‍රතිකාර කරමින් සිටින අතර, චීන ජාතික කාන්තාවක් මේ වන විටත් සුව වී රෝහලෙන් පිටව ගොස් තිබේ.

ලොව පුරා 140,000 ක් පමණ වුහාන් කොරෝනා වයිරසය වැළඳී ඇති අතර මේ දක්වා 5,000 කට අධික පිරිසක් මියගොස් තිබේ.ශ්‍රී ලංකාවේ වුහාන් හි කොරොන වයිරස් රෝගීන් 6 දෙනෙකුගෙන් 4 දෙනෙකු ඉතාලියට සම්බන්ධ වී තිබේ.

පළමු වන රෝගියා ඉතාලි සංචාරක මාර්ගෝපදේශකයකු වන අතර දෙවැන්න ඔහු සමඟ නවාතැන් ගෙන සිටි සගයකු ය.මෙම රෝගින් දෙදෙනාගේ සම්බන්ධතා පිළිබඳව බලධාරීන් සොයා බලමින් සිටින අතර

දේශීයව ආසාදනය වූ පළමු සංචාරක මාර්ගෝපදේශකයාගේ සම්බන්ධතා අනුව 60 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇත. දෙවන මාර්ගෝපදේශකයාගේ සම්බන්ධතා 25 ක් ද නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඉන් අට දෙනෙකු රෝහල් ගත කර ඇත.



Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk