චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලන අදිකාරිය ෂැංහයි වෙත පැමිණෙන ගුවන් ගමන් තුනක් අත්හිටුවීමට තීරණය කර ඇති බව චීනයේ ෂින්හුවා පුවත් ඒජන්සිය නිවේදනය කරයි.
අබුඩාබියේ එතිහාඩ්,පිලිපීනය සිට පැමිනෙන චයිනා ඊස්ටර්න් ගුවන් සේවය සහ ශ්‍රී ලංකාවේ සිට ෂැංහයි දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය සති හතරක කාලයක් සඳහා තහනම් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
ෂින්හුවා ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ පසුගිය දින කිහිපය තුළ චීනයේ ෂැංහයි වෙත පැමිණි මගීන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
ආගොස්තූ 07 වෙනිදා කොළඹ සිට චීනයේ ෂැංහයි නුවරට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි චීන සෞඛ්‍ය බලධාරින් තහවුරු කර ඇත්තේ.