ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන පසින්දු හිරුෂාන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාස තුනකට වැඩි කාලයක් රෝහලේ ගත කිරිමෙන් පසු රොහලෙන් සම්පුර්ණ ලෙස සුව වී පිටවී ගොස් තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගනය අසලදී ඔහුගේ හිසට ටයරයක් වැදී ඇති හෙයින් ඔහුගේ හිස් කබල හා මොළයට බරපතල තුවාල සිදුවීම හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණ.
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ වෙහෙස මහන්සිය හා කැපවීම මධ්‍යයේ දින 96 කට ආසන්න කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පසින්දු හිරුෂාන් රෝහලෙන් සුවවී පිටව ගොස් තිබේ.මෙම සිද්ධියට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ් සිසුන් හය දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.